-
Notifications
You must be signed in to change notification settings - Fork 0
Expand file tree
/
Copy pathdata.txt
More file actions
448 lines (242 loc) · 166 KB
/
data.txt
File metadata and controls
448 lines (242 loc) · 166 KB
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69
70
71
72
73
74
75
76
77
78
79
80
81
82
83
84
85
86
87
88
89
90
91
92
93
94
95
96
97
98
99
100
101
102
103
104
105
106
107
108
109
110
111
112
113
114
115
116
117
118
119
120
121
122
123
124
125
126
127
128
129
130
131
132
133
134
135
136
137
138
139
140
141
142
143
144
145
146
147
148
149
150
151
152
153
154
155
156
157
158
159
160
161
162
163
164
165
166
167
168
169
170
171
172
173
174
175
176
177
178
179
180
181
182
183
184
185
186
187
188
189
190
191
192
193
194
195
196
197
198
199
200
201
202
203
204
205
206
207
208
209
210
211
212
213
214
215
216
217
218
219
220
221
222
223
224
225
226
227
228
229
230
231
232
233
234
235
236
237
238
239
240
241
242
243
244
245
246
247
248
249
250
251
252
253
254
255
256
257
258
259
260
261
262
263
264
265
266
267
268
269
270
271
272
273
274
275
276
277
278
279
280
281
282
283
284
285
286
287
288
289
290
291
292
293
294
295
296
297
298
299
300
301
302
303
304
305
306
307
308
309
310
311
312
313
314
315
316
317
318
319
320
321
322
323
324
325
326
327
328
329
330
331
332
333
334
335
336
337
338
339
340
341
342
343
344
345
346
347
348
349
350
351
352
353
354
355
356
357
358
359
360
361
362
363
364
365
366
367
368
369
370
371
372
373
374
375
376
377
378
379
380
381
382
383
384
385
386
387
388
389
390
391
392
393
394
395
396
397
398
399
400
401
402
403
404
405
406
407
408
409
410
411
412
413
414
415
416
417
418
419
420
421
422
423
424
425
426
427
428
429
430
431
432
433
434
435
436
437
438
439
440
441
442
443
444
445
446
447
448
දුකම කොයි තරම් සතුටක් දෝ…
June 21, 2024
අප සවන් දීමට කැමති ගීත වර්ගීකරණය කළහොත් ඒ අතරින් බොහෝමයක් ශෝකී හැඟීම් දනවන ගීත බව රහසක් නොවෙයි. ඒත් අප ඒ ගීතවලට ආදරෙයි.
පර්යේෂකයින් මීට පෙර කල්පනා කළේ, ඒ ගීතවල දුක්බර සංවේදනය අත්විඳීම හරහා හෝ අදාළ සංගීත ඛණ්ඩයේ කලාත්මක බව අගය කිරීම හරහා අප චිත්තවේගීය වශයෙන් ධනාත්මක ආකාරයෙන් වෙනස් විය හැකි බවයි. නමුත් නවතම අධ්‍යයනයකින් හෙළි වී ඇත්තේ එබඳු සංගීතයකින් ඇති කරවන දුක්බර බව විඳීමෙන් ම අපට සතුටක් ලැබිය හැකි බවයි.
“මා අනුමාන කරන්නේ, නිශේධනාත්මක හැඟීමක අමුතු සතුටක් තිබෙනවා යන්න පිළිගැනීමට නො හැකි වීම මානව පැවැත්මේ කොටසක් බවයි. නමුත් ඇත්තට ම මම මේ සංගීත ඛණ්ඩයට කැමති එය මට දුකක් ගෙන දෙන නිසා යැ යි යමෙක් කිව්වොත් ඒක වැරදියි කියලා කියන්න කාටවත් බැහැ.’’ ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් සරසවියේ එමරි ෂ්යුබර්ට් පවසනවා.
මේ සම්බන්ධ අධ්‍යයනයේ දී, ෂ්යුබර්ට් උපාධි අපේක්ෂකයින් 50 දෙනකුට කියා සිටියේ, ඔවුන් කැමති, නමුත් දුකක් දැනෙන, ලුඩ්විග් වැන් බීතෝවන්ගේ හා ටේලර් ස්විෆ්ට්ගේ සංගීත සංයෝජන ඇතුළත් සංගීත ඛණ්ඩවලට සවන් දෙන ලෙසයි. ඉන්පසු ඔවුන් එම සංගීත ඛණ්ඩයට සවන් දෙන අතරතුර, ඔවුන්ට දැනුණු හැඟීම් පිළිබඳ මාර්ගගත ප්රශ්නාවලියකට පිළිතුරු ලබා දී තිබුණා. ඊළඟට, ෂ්යුබර්ට් සහභාගි වන්නන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුන් තෝරාගත් සංගීත කොටසේ ඇති ‘ශෝකය’ කෙසේ හෝ එයින් ඉවත් කළ හැකි යැ යි සිතීමට උත්සාහ කරන ලෙසයි. සමස්තයක් වශයෙන් ගත් කල, සහභාගි වන්නන් කියා සිටියේ එවිට එම සංගීත ඛණ්ඩයට තමන් තුළ ඇති ආකර්ශණය අඩු වන බවයි. 82% ක් වාර්තා කළේ ශෝකය ඔවුන්ගේ රසවින්දනයේ කොටසක් බවයි.
අධ්‍යයනයේ තවත් කොටසක දී, ෂ්යුබර්ට් සංගීත උපාධි අපේක්ෂකයින් 53 දෙනෙකුට කියා සිටියේ ඔවුන් කැමති සහ ඔවුන් සලිත කිරීම සිදුවන සංගීත ඛණ්ඩය හඳුනාගන්නා ලෙසයි. මේ අය වාර්තා කර ඇත්තේ අදාළ සංගීත ඛණ්ඩයට සවන් දීමේ දී එහි ආස්වාදනීය බව තිබිය දීත් තමන් ශෝකය අත්විඳි බවයි.
මේ අනුව ෂ්යුබර්ට් පවසන්නේ සහභාගි වූවන් ‘ශෝකය’ සහ ‘සලිත වීම’ යන චිත්තවේග මුසු කර ගනිමින් දුක හා සමස්ත සතුට අතර ඍජු සම්බන්ධයක් අත්විඳින බවයි.
නමුත් නෝර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ ජොනා වුස්කොස්කි පවසන්නේ, කලාකරුවකු සිය සංගීත නිර්මාණය තුළ ප්‍රකාශයට පත්කරන ශෝකය ශ්රාවකයාට දැනෙන්නේ ශ්රාවකයා සහකම්පනයට (empathy) පත්වීම නිසා බවයි. එසේ ම, මිනිසුන් දුක්බර ගීතවල පද මාලා සමග බැඳීම, ඒවායින් ඔවුන්ගේ හැඟීම් ඇවිස්සීම නතර කිරීමටත්, ඔවුන් අත්විඳින හුදෙකලා බව අඩුවෙන් දැනීමටත් උපකාර කරන බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මෙහෙම බලනකොට සාමාන්‍යයෙන් දුක් ගීතයක් ලෙස සැලකන නිර්මාණයක් එහි අන්තර්ගත ශෝකය ඉවත් කොට රස විඳින්නට අපට නො හැකි බවයි පර්යේෂකයන්ගේ අනුමානය.
කාලගුණය මෙතරම් ප්රචණ්ඩ ඇයි?
June 21, 2024
මෙවර නිරිතදිග මෝසම් ඍතුවේ ආරම්භය තරමක අසාමාන්‍ය තත්ත්වයක් බවට පත් විය. ඉන්දීය කාලගුණ විද්‍යා අංශවලට අනුව මෙවර ප්රචණ්ඩ සුළි සුළඟක ආපදාකාරී බලපෑමක් සමග ම නිරිතදිග මෝසම් සාධක ස්ථාපිත විය. එම තත්ත්වය ඉන්දියාවේ නැගෙනහිර ප්‍රදේශවල සහ බංග්ලාදේශයට පමණක් නො ව ශ්‍රී ලංකාවට ද බලපෑවේ ය.
වැසි සහිත පෙර මෝසම් කාලගුණ තත්ත්වය අවසන් වී නිරිත දිග මෝසම් කාලගුණ සාධක දිවයින සහ අවට ප්‍රදේශවල ස්ථාපිත වන බවට කාලගුණ අනාවැකි ප්‍රකාශ වූ අතර බෙංගාල බොක්කේ වර්ධනය වූ අඩු පීඩන ප්‍රදේශයක් සම්බන්ධ සාධක ඉස්මතු විය. එම අඩුපීඩන ප්‍රදේශය බෙංගාල බොක්ක සමුදුර ඔස්සේ ශ්‍රී ලංකාවෙන් බැහැරට ගමන් කළ අතර ම ක්‍රමයෙන් ප්රචණ්ඩ වී සුළි සුළඟක් බවට පත් වී බංග්ලාදේශයේ සැලකිය යුතු ආපදා සිදු කරමින් එම රටට ඇතුළු වූ බව වාර්තාවලින් දැනගන්නට ලැබුණි.
මේ අතර ලොව පුරා ම ප්‍රදේශ ගණනාවක ම සාමාන්‍ය තත්ත්වයන් ඉක්මවා යාමට තරම් ප්‍රබල වූ කාලගුණ සාධක ක්‍රියාත්මක වූ අතර ඊට හේතු වූ සාධක අතරින් දැනට ලොව මුහුණ දෙන මිහිකත උණුසුම (Global Warming) සහ දේශගුණ වෙනස් වීම (Climate change) ප්‍රධාන සාධක වී ඇති බවට කරුණු ඉදිරිපත් විය. ශ්‍රී ලංකාවට ද නිරිත දිග මෝසම් කාලගුණ සාධක ප්රචණ්ඩ සහ ආපදාකාරී විය හැකි අතර පැසිපික් සමුදුරේ (Pacific Ocean) දැන් වර්ධනය වෙමින් තිබෙන ලා නිනා (La Nina) පද්ධතියේ බලපෑම ද හේතුකාරක විය හැකි බවට කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙයි.
සැප්තැම්බර් මස මැද භාගය දක්වා පවතින නිරිත දිග මෝසම් සමයේ දී බටහිරින් හෝ නිරිත දිග දිශාවෙන් හමා එන සුළං ප්‍රවාහ දිවයින හරහා හමා ගොස් බෙංගාල බොක්ක සමුදුරු පෙදෙසට වෙත ළඟා වන්නේ සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 20ක තරම් වේගයෙනි. එහෙත් විටින් විට එම සුළං ප්රචණ්ඩ වීමට බෙංගාල බොක්ක ප්‍රදේශයේ උතුරු කොටසේ වර්ධනය වන පීඩන අවපාත හෝ සුළි සුළං බලපායි. බටහිරින් හෝ නිරිත දිගින් හමා එන සුළං, විශාල ජලවාෂ්ප ප්‍රමාණයක් එක් රැස් කරගෙන හමා එන නිසා ප්‍රදේශ රැසකට වැසි ඇද හැලේ. එම වැසි වැඩි ප්‍රමාණයක් ඇද හැලෙන්නේ බස්නාහිර, නිරිත දිග සහ දකුණු පළාත්වලටත්, මධ්‍යම කඳුකරයට සහ එම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලටත් ය.
වායුගෝලයේ ඉහළ ස්ථරවල සාපේක්ෂ ආර්ද්‍රතාව ඉහළ අගයක් ගන්නා අවස්ථාවල, එනම් එම මට්ටම්වල ඉහළ ජලවාෂ්ප ප්‍රමාණ තිබෙන විට බටහිරින් හමන සුළං මඟින් ජල වාෂ්ප සහ ඉහළ වළාකුළු මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශ මෙන් ම නැගෙනහිර ප්‍රදේශවලට වර්ෂාව සහිත කාලගුණ තත්ත්ව උදාකරයි.
නිරිත දිග මෝසම් සෘතුවේ දී ගිගුරුම් සහිත වැසි ලබාදෙන කැටි වැහි වලාකුළු (Cumulonimbus cloud) වර්ධනය වීම අඩු වුවත් අවශ්‍යතා සම්පූර්ණ වන තත්ත්වයන් යටතේ අකුණු සහ ගිගුරුම් සහිත වූ වැසි ද ඇති වීමේ සම්භාවිතාවක් ඇත.
ඉහත සඳහන් කරුණු පිළිබඳ සලකා බලන කල නිරිත දිග මෝසම් සමයේ අප ජනතාවට මුහුණ පෑමට සිදු වන ස්වභාවික විපත් වනුයේ ගංවතුර උවදුර, පානීය ජල ප්‍රශ්ණය, නායයෑම්, ගොඩනැගිලි අර්ධ ලෙස හෝ පූර්ණ ලෙස කැඩී බිදී යාම, ප්රචණ්ඩ සුළංවල බලපෑමෙන් ගස් කැඩී බිඳී යාම මඟින් ගොඩනැගිලිවලට සහ ශාරීරික ලෙස ජනයාට හානි සිදු වීම් ප්‍රධාන ස්වභාවික විපත් ය. විශාල ගස් කඩා වැටීම් සහ ඉදිරී වැටීම් නිසා ජීවිත හානිය, මාර්ග අවහිරවීම මෙන් ම භව භෝග විනාශ වීමද නිරිත දිග මෝසම් කාලගුණ සාධකවල අයහපත් ආපදාකාරී ප්‍රතිඵල වන්නේ ය.
ඉදිරි කාලය තුළ අපිට මුහුණ පාන්නට සිදු විය හැකි ස්වභාවික ආපදා පිළිබඳ ව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ගොඩනැගිලි පර්යේෂණ ආයතනය, පොලිසිය, වෛද්‍ය අංශ ඇතුළු වගකිවයුතු අංශ රැසක් ජනමාධ්‍ය හරහා අප වෙත ලබා දෙන අනාවැකි අනතුරු ඇඟවීම් සහ ආපදා කළමනාකරණ පියවර පිළිබඳ අවධානය යොමු කොට ඒ අනුව කටයුතු කිරීම වැදගත් ය.
අධ්‍යාපනයට Social Media
June 16, 2024
අපේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට Facebook, TikTok, Instagram, YouTube, Telegram, WhatsApp වැනි සමාජ මාධ්‍ය පත් වී අවසන් ය. බොහෝ දෙනා විනෝදය සඳහා මෙන් ම මිතුරන් සමඟ කඩිනම් අදහස් හුවමරුවක් සඳහා ද මේ මාධ්‍ය භාවිතා කරති. එහෙත් විනෝදාස්වාදය සඳහා භාවිතා කරන සමහර සමාජ මාධ්‍ය ප්‍රබල අධ්‍යාපනික මෙවලම් වන බව ඔබ දන්නවා ද? විධිමත් හා අවිධිමත් ඉගෙනුම් ක්‍රමවේදයන් යා කරන දම්වැලක් ලෙස ක්‍රියා කිරීමට සමාජ මාධ්‍යයට පුළුවන.
පාසැල් අධ්‍යාපනය තුළ සමාජ මාධ්‍ය භාවිතය මඟින් සිසුන්ට, ගුරුවරුන්ට සහ දෙමාපියන්ට පහසුවෙන් ප්‍රයෝජනවත් තොරතුරු ලබා ගැනීමට සහ අනෙකුත් ඉගෙනුම් කණ්ඩායම් සමඟ සම්බන්ධ වීමට ද හැකි වේ.
Project Noah යනු දැනුමැති සහ පළපුරුදු ගෝලීය ප්‍රජාවක සහාය ඇති ව වනජීවී ඡායාරූපකරණය පිළිබඳ ව දරුවන්ට ඉගෙන ගත හැකි ඔන්ලයින් ප්‍රජාවකි. DiGii Social විසින් ආරක්ෂිත සමාජ ජාල වේදිකාවක් සපයන අතර, එමඟින් ආරක්ෂිත ඩිජිටල් ජීවිතයක් සඳහා දරුවන් දැනුවත් කිරීම සහ සූදානම් කිරීම සිදු වෙයි. උදාහරණයක් ලෙස, ඔවුහු මාර්ගගත ආරක්ෂාව (Online safety) සහ ඩිජිටල් පුරවැසිභාවය (Digital citizenship) පිළිබඳ ව පරිශීලකයන් දැනුවත් කරති.
Edublogs ගුරුවරුන්ට පන්තිකාමර කළමනාකරණය සඳහා සහාය වන අතර, එමඟින් සිසුන්ට පාඩම් සැපයීම සහ ඔවුන්ගේ අධ්‍යාපනික ප්‍රගතිය ප්‍රදර්ශනය කිරිම ද සිදු වේ.
තව ද, YouTube, Facebook සහ Instagram වෙබ් අඩවි මඟින් ගණිතය, විද්‍යාව, පරිසරය, ඉතිහාසය වැනි විෂයානුබද්ධ අධ්‍යාපනික තොරතුරු ලබා ගත හැකි ය. විශාල පරිශීලකයින් සංඛාවක් ඇති Ted-Ed (විවිධ විෂයන්), Khan Academy (විවිධ විෂයන්), Applied Science (විද්‍යාත්මක හා තාක්ෂණික යෙදීම්), SchiShow (විද්‍යාව), AsapSCIENCE (විද්‍යාව), National Geographic (භූගෝල විද්‍යාව), HowStuffWorks (විද්‍යාත්මක හා තාක්ෂණික යෙදීම් වැඩ කරන ආකාරය) සහ Crash Course (විවිධ විෂයන්) වැනි YouTube නාලිකා මෙයට උදාහරණ වේ. ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයින්ට DP Education වැනි YouTube නාලිකා තුළින් අධ්‍යාපනික වැඩසටහන් සිංහලෙන් ලබා ගත හැකි ය. තොරතුරු පහසුවෙන් මතක තබා ගැනීමට මේ අධ්‍යාපනික වීඩියෝ ශිෂ්‍යයින්ට බොහෝ සේ උපකාරී වේ. එසේ ම, බොහෝ ගුරුවරු YouTube හරහා තම පාඩම් සජීව ලෙස විකාශනය කරති. මේ වැඩසටහන් ඔස්සේ ශිෂ්‍යයින් හට අවශ්‍ය විෂය අනුව විවිධ දැනුම ලබා ගැනීමට, ප්‍රශ්නවලට ඉක්මන් පිළිතුරු ලබා ගැනීමට මෙන් ම විවිධ ඉගෙනුම් ක්‍රම හරහා ඉගෙන ගැනීමට ද ඉඩ සැලසේ.
WhatsApp වැනි සමාජ මාධ්‍ය මඟින් ගුරුවරු, ඔවුන්ගේ පන්තියට අදාළ නිබන්ධන සහ පැවරුම් පළ කර ගැටලුවලට විසදුම් සිසුන්ට ලබා දීම මේ වන විටත් ලංකාවේ බොහෝ පාසල්වල ක්‍රියාත්මක වේ. තව ද, සිසුන්ට කණ්ඩායම් ව්‍යාපෘති සහයෝගයෙන් එකමුතු ව කිරීමට, අදහස් හුවමාරු කර ගැනීමට සහ එකිනෙකාට සහාය දීමට ද මෙමඟින් හැකියාව ලැබේ.
සමාජ මාධ්‍ය නිසා විවිධ ක්ෂේත්රවල උගතුන් සහ සිසුන් අතර පරතරය අඩු වෙයි. LinkedIn සහ X වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහා සිසුන්ට ලොව පුරා සිටින වෘත්තිකයින්, පර්යේෂකයින් සහ අධ්‍යාපනඥයින් සමග සම්බන්ධ වීමට හැකි ය. විවිධ දෘෂ්ටිකෝණ සහ විශේෂඥතාවන් ඇති උගතුන්ට නිරාවරණය වීම මඟින් සිසුන්ට ඔවුන් අනුගමනය කිරිමට ආශාවක් ඇති වන අතර, විවිධ වෘත්තීය මාර්ග පිළිබඳ මනා අවබෝධයක් ද ලැබේ.
කෙසේ වුවත් සමාජ මාධ්‍ය දෙපැත්ත කැපෙන කඩුවක් වැනි ය. අධ්‍යාපනය සඳහා සමාජ මාධ්‍ය ධනාත්මක ව භාවිතා කළ හැකි නමුත් එහි අන්තර්ගතය ජනනය කරනු ලබන්නේ පරිශීලකයන් විසිනි. ඒ නිසා ඇතැම් විට එම අන්තර්ගතය වලංගු නො වන මෙන්ම ව්‍යාජ හෝ අපවාදාත්මක විය හැකි ය. එබැවින් දෙමාපියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන්ගේ මඟ පෙන්වීම ඇති ව මේ වෙබ් අඩවි වෙත ප්‍රවේශ වීම වඩාත් සුදුසු ය. එමෙන් ම ඔබගේ ලිපිනය, දුරකථන අංකය, පාසල් විස්තර වැනි පෞද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේ බෙදා ගැනීමෙන් වැළකිය යුතු ය.
ඔබ, අධ්‍යාපනය සඳහා සමාජ මාධ්‍යයේ සහාය ලබා ගන්නේ නම් නිසි කාල කළමණාකරණයක් සහිත ව ඒවා පරිශීලනය කරන්න. නිකරුනේ සමාජ මාධ්‍ය භාවිතා කිරිමෙන් වළකින්න.
බෝසතුන් ඇසතු බෝ රුක ම තෝරා ගත්තේ ඇයි?
May 22, 2024
සුජාතා සිටු දියණිය පුජා කල කිරිපිඬු වළදා එම රන්තැලිය නේරංජනා නදියේ පා කර හැරිය සිද්ධාර්ථ බෝසතාණෝ, සත්‍ය අවබෝධ කර ගෙන මිස මෙතැනින් නොනැගිටිමි යන දැඩි අධිෂ්ඨානයෙන් ඇසතු බෝ රුක මුල අසුන් ගත්හ. ලොව වෘක්ෂයන් කොතරම් තිබුණත් සිද්ධාර්ථ බෝසතාණන් බුදු වීමට ඇසතු බෝ වෘක්ෂයම තෝරා ගත්තේ ඇයි? ඊට විශේෂ හේතුවක් ඇද්ද? නැත්තම් විශේෂ කරුණකින් තොරව අහඹු ලෙස තමන්වහන්සේට හමුවු ඇසතු බෝ වෘක්ෂය තෝරා ගත්තා ද?
ඇසතු බෝ ගස Ficus religiosa යන උද්භිත විද්‍යාත්මක නමින් හැඳින්වේ. මෙය Moraceae කුලයට අයත් ශාකයකි. දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් මුලික කර ගනිමින් වර්ධනය වේ. එය Bodhi tree ලෙස ඉංග්‍රිසි බසින් හඳූන්වන අතර, කිරි සහිත ගසක් බැවින් ක්ෂීර වෘක්ෂ ලෙස ද, නෙත් සතුටු වන අයුරින් නිතර සෙලවෙන පත්‍ර ඇති නිසා චලපත්‍ර ලෙස ද ඊට නම් පටබැඳී ඇත.
බුදූන් වැඩ සිටි සමයට පෙර වසර හාර දහසකට පමණ පෙර සිට ම ඇසතු පුජනියත්වයට පත් වු වෘක්ෂයක් බවට සාධක ඇත. ලොව පැරණිතම ඍශ් වේද මුලාශ්රයන්ට අනුව පිප්ඵලී වෘක්ෂය ලෙස නම් කර ඇත. ඊට හේතුව හීන් හැඩැති ඇටයක් සහිත වීමය. භාරතිය නේරි කැටයමෙන් ද තහවුරු වෙයි. තවදූරටත් මොහෙන්දොජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයට අයත් මුද්‍රා දෙකක් ද හමුවෙයි. එක් මුද්‍රාවක දෙපසට බෙදී ගිය ගසක මුදූනේ ඇසතු කොළයක් නිරුපණය වෙයි. අනෙක් මුද්‍රාවේ කඟවේණ පුට්ටුවක් අතරින් දෙපසට විහිදි ගිය ඇසතු බෝ කොළ සහිත ගසක් නිරූපණය වේ. මෙවැනි ඉපැරණි කරුණු ඔස්සේ මුලික ශිෂ්ඨාචාරයන් හිද ඇසතු වෘක්ෂයට තිබුණු පිලිගැනිම තහවුරු වෙයි.
ඇසතු බෝ ගස Ficus religiosa යන උද්භිත විද්‍යාත්මක නමින් හැඳින්වේ. මෙය Moraceae කුලයට අයත් ශාකයකි. දකුණු සහ අග්නිදිග ආසියානු රටවල් මුලික කර ගනිමින් වර්ධනය වේ. එය Bodhi tree ලෙස ඉංග්‍රිසි බසින් හඳූන්වන අතර, කිරි සහිත ගසක් බැවින් ක්ෂීර වෘක්ෂ ලෙස ද, නෙත් සතුටු වන අයුරින් නිතර සෙලවෙන පත්‍ර ඇති නිසා චලපත්‍ර ලෙස ද ඊට නම් පටබැඳී ඇත.
ඇසතු වෘක්ෂයම තෝරා ගත්තේ ඇයි?
මේ පිළිබඳව විද්‍යාත්මක ඇසකින් බලන විට, ඇසතු වෘක්ෂය ඕනෑම ශුෂ්ක දේශගුණයක හෝ ස්ථානයක පවා වර්ධනය විය හැකි ශාකයකි. එවැනි පරිසර තත්ත්වයන්ට ඔරොත්තු දිය හැකි පරිදි ශාකයේ අභ්‍යන්තර ක්‍රියාකාරිත්වයද සැකසී ඇත. Crassulacean Acid Metabolism නැතහෙත් CAM ප්‍රභාසංශ්ලේෂණය ක්‍රියාවලිය ඇසතු වෘක්ෂය සතුව ඇති සුවිශේෂී ලක්ෂණයකි. මෙහිදි සිදුවන්නේ රාත්‍රි කාලයේදි පත්‍රවල පුටිකා සෛල විවෘත කර CO2 උරා ගැනීමයි. මෙසේ වායුගෝලයේ ඇති CO2 වායුව ලබා ගෙන malate ලෙස රඳවා ගැනේග මේ ක්‍රියාවලිය සිදුවන්නේ PEP carboxylase එන්සයිමය මගිනි. දහවල් කාලයේදි පුටිකා විවෘත නොවන අතර malate කාබනික අම්ලය PEP carboxykinase එන්සයිමය භාවිතා කර සාමාන්‍ය ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු කරයි. මේ මඟින් පත්‍රවල ජලය වාෂ්ප නොවී රඳවා ගැනේ.
ඇසතු රුකම තෝරා ගැනිමට හේතු වූ ඉතා වැදගත් කරුණකි රාත්‍රි කාලයෙදි කාබන්ඩයොක්සයිඩ්ි වායුව උරාගැනීම. මේ ක්‍රියාවලිය හේතුවෙන් ශාකය මඟින් පිටකරන කාබන්ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අවම වෙයි. යමෙකු ඇසතු බෝ රුක මුල භාවනායෝගිව සිටිමේදී රාත්‍රියේදි පවා කිසිදු අපහසුතාවයකින් තොරව සිසිලසක් ලැබෙන බැවින් භාවනාව පහසු වෙයි.
චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව වැනි ආයුර්වේද මුල ග්රන්ථ වලත්, රාජ නිඝණ්ඩුව, භාව ප්‍රකාශ නිඝණ්ඩුව වැනි නිඝණ්ඩු පොත්පත්වලත් කඵපිත්තජ රෝග සඳහා ඹෟෂධයක් ලෙස ඇසතු ගසේ මුල්, පොතු, ගෙඩි භාවිතයට ගන්නා බව දක්වා තිබුණත් එය වාණිජමය අතින් ඉතා අඩු වටිනාකමක් ඇති ශාකයකි. දැවමය වශයෙන් වටිනා ශාකයක් තෝරා ගතහොත් ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට හෝ දැව ලෙස භාවිතය හේතුවෙන් පසු කාලීනව ගසේ පැවැත්මට තර්ජනයක් එල්ල විය හැකිය. එබැවින් බෝසතාණන් වෘක්ෂයක් තෝරා ගැනිමේදී ගසේ පැවැත්ම පිළිබඳ සලකා බලන්නට ඇත.
අනෙක් අතට වැඩි වාණිජ වටිනාකමක් නැති ශාක විශේෂයක් මිනිසාට ප්රයෝජ්යතාවක් නැති නිසා වඳ වී යාමට ඇති ඉඩකඩ සාපේක්ෂව ඉහළය. මෙලෙස ශාක හා සත්ත්ව විශේෂ පරිසරයෙන් වඳවී යාම ජෛව විවිධත්වයට මෙන්ම පරිසර සමතුලනයට ද බලපායි. එහෙත් යම් වෘක්ෂයක් ආගමික හෝ සංස්කෘතික හේතූන් මත පූජනීයත්වයට පත් වුවහොත් එම ශාකය මිනිසා අතින් වඳ වී යාමට ඇති සම්භාවිතාව බෙහෙවින්ම පහළ බසී. ඇසතු බෝධි වෘක්ෂය සම්බන්ධයෙන්ද මේ කරුණ සාධාරණ වේ.
සියලු කරුණු සලකා බැලූ කල සිද්ධාර්ථ බෝසතානන් බුද්ධත්වය සඳහා පිට දුන් වෘක්ෂය අහඹු ලෙස හෝ එකල ජනප්රසාදය අනුව තෝරා ගත් වෘක්ෂයක් නොවන බව තහවුරු වේ. ඇසතු වෘක්ෂය යනු බෝසතානන්ට බුදු විමට සෙවණ සලසා බුදුන්ගෙන් ද උපහාර ලද වෘක්ෂයකි.
සයිලන්සරයෙන් ගිනි පිට වෙන්නේ ඇයි?
August 22, 2023
සමහර වෙලාවට වේගයෙන් යන වාහනවල සයිලන්සරයෙන් ගිනි පිට වෙනවා ඔබ දැක ඇති. මේ සංසිද්ධිය හඳුන්වන්නේ Back Fire නමින්.
Back Fire එකක් කිව්ව ගමන් ගොඩක් අයට එන අදහසක් තමයි ඒක රථයකට ලැබෙන අමතර අංගයක් (feature) කියන එක. නමුත් ඇත්තටම Back Fire එකක් කියන්නේ ටර්බෝ ආරෝපණයක් සහිත වාහනවල පවතින දුර්වලතාවයක් මග හරවා ගැනීමට භාවිතා කරන උපක්රමයකදී ඇතිවන අතුරුඵලයක්. Back Fire ගැන කථා කරන්න කලින් අපි මුලින්ම ටර්බෝ ආරෝපකවල (Turbo Charges)වල ක්‍රියාකාරිත්වය ගැන ඉගෙන ගනිමු.
fire from a motorcycle pipe
ටර්බෝ ආරෝපකවල ක්‍රියාකාරිත්වය
එන්ජිමක ජවය (Power) වැඩිකර ගැනීමට නම් ඒකක කාලයකදී එන්ජිම තුල දහනය වන ඉන්ධන ප්‍රමාණය වැඩි විය යුතු ය. ඒ සඳහා වැඩි ඉන්ධන ප්‍රමාණයක් එකවර දහනය කිරීමේ හැකියාවක් තිබිය යුතු ය. එන්ජිමක ජවය වැඩිවන විට එය මිනිත්තුවකදී ඉහළ පහළ යන වාර ගණන (RPM අගය) වැඩි අගයක් ගනී. එන්ජිමේ RPM අගය වැඩි වන විට එන්ජිමේ කපාට (Valves) විවෘතව පවතින කාලය අඩු වේ. එනම් එන්ජිම තුලට වාතය ලබාගැනීමට පවතින කාලය සීමාවීම නිසා එන්ජිම වෙත පැමිණෙන ඉන්ධන ප්‍රමාණයට සාපේක්ෂව වාත ප්‍රමාණය අඩුවීම හේතුවෙන් උපරිම ජවයක් ලබා ගැනීමට නොහැකි වේ.
ටර්බෝ ආරෝපක සහිත පද්ධතියක ආකෘතිය
මෙම අවාසිය මඟහරවා ගැනීම සඳහා ටර්බෝ ආරෝපක භාවිතා කරනු ලබයි. ටර්බෝ ආරෝපකයක් මගින් සිදුකරනු ලබන්නේ වායුගෝලයේ පවතින වාතය ලබාගෙන සම්පීඩනය කර එන්ජිම වෙතට ලබා දීමයි. එමගින් ඉහත සඳහන් කල ආකාරයට කුඩා කාලයකදී වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය කර වැඩි ජවයක් ලබා ගැනීමේ හැකියාව ලැබේ. ටර්බෝ ආරෝපකය මගින් වාතය ක්ෂණිකව සම්පීඩනයට ලක් කිරීම ස්ථිරභාජී ක්‍රියාවක් (Adiabatic Process) නිසා තාපගතික විද්‍යාවේ පලමු නියමයට අනුව සම්පීඩක වාතයේ උෂ්ණත්වය වැඩිවේ. සම්පීඩනය වූ වාතයේ උෂ්ණත්වය අඩුකරගැනීම සඳහා සිසිල් කුරුව (Inter Cooler) නම් උපාංගයක් හරහා යවනු ලැබේ. වාතය සිසිල් වන විට එහි ඝනත්වය තව දුරටත් ඉහළ යාම වඩාත් යෝග්‍ය වේ. ටර්බෝ ආරෝපණය ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලය ලබාගන්නේ එන්ජිමේ පිටාර වායුවේ (Exhaust gas) වාලක ශක්තිය උපයෝගි කරගනිමිනි.
ටර්බෝ ආරෝපකයක ව්‍යුහය
ටර්බෝ වල ඇතිවන කාල පමාව (Turbo lag) ටර්බෝ ආරෝපණය හොඳින් ක්‍රියාත්මක වීමට නම් එන්ජිම සැලකිය යුතු වේගයකින් ක්‍රියාත්මක විය යුතු ය. එයට හේතුව වන්නේ පිටාර වායුවේ පීඩනය (Exhaust gas pressure) සැලකිය යුතු අගයක පැවතිම අවශ්‍ය වීමයි.
වාහනය සැලකිය යුතු වේගයකින් ගමන්කර මන්දනයකට ලක්වන විට ඉන්ධන දහන සීඝ්‍රතාව අඩු වීම නිසා පිටාර වායුවේ පීඩනය අඩු වේ. එවිට ටර්බෝ ආරෝපකය භ්‍රමණය වන සීඝ්‍රතාවය අඩුවේ. නැවත වාහනය ත්වරණය කරන විට එන්ජිමේ දහන සීඝ්‍රතාවය වැඩි වී පිටාර වායුවේ පීඩනය වැඩි වේ. නමුත් මෙම වැඩි වීමේ ක්‍රියාවලියට යම් කාලයක් ගත වේ. එම කාලය අතර තුරදී ටර්බෝ ආරෝපකයේ ක්‍රියාකාරිත්වය නිසි පරිදි සිදු නොවේ. ඉහත කාල පමාව (turbo lag) ටර්බෝ ආරෝපකවල පවතින අඩු පාඩුවකි. මෙම අඩුපාඩුව වැඩි වශයෙන් බලපාන්නේ රේසිං කාර් වලටය. ටර්බෝ කාල පමාව තුලදී බලාපොරොත්තු වන ප්‍රතිදාන ජවය නොලැබීම එයට හේතුවයි.
මෙම අඩුපාඩුව මගහරවා ගැනීමට anti lag ක්‍රමෝපාය භාවිතා කෙරේ. Anti ක්ට උපක්‍රමයේදී සිදු වන්නේ, එන්ජිම මන්දනය වන විට සංවේදක (Sensor) මගින් එය හඳුනාගෙන එම අවස්ථාවේදී එන්ජිම තුලට වැඩිපුර ඉන්ධන ප්‍රමාණයක් ඇතුල් කිරීමයි. එසේ වාතයට සාපේක්ෂව වැඩි ඉන්ධන අනුපාතයක් ඇතුලු වීම (Rich air fuel mixer) තුලින් ඇතුලු වන ඉන්ධන සියල්ල එන්ජිම තුළ දහනය නොවී පිටාර වාත බටය (Exhaust manifold) තුලට ගමන් කරයි.
ටර්බෝ කාල පමාව අවම කළ පසු ප්‍රතිදාන ජවය
දහනය වූ ඉන්ධන වලින් ඇතිවන වායු සමග මිශ්‍ර වෙමිනි.) පිටාර වාත බටය තුල පවතින අධික උෂ්ණත්වය නිසා නොදැවුනු ඉන්ධන එම කොටස තුලදී දහනය වීම මගින් ටර්බෝ ආරෝපණය නිසි පරිදි ක්‍රියාත්මක වීමට අවශ්‍ය වායු පීඩනය ලබා ගත හැකි වේ. ඒ නිසා ටර්බෝ ආරෝපකයේ සිදුවන කාල පමාව (turbo lag) අවම කරගත හැකි ය. එනම් එන්ජිම අඩු RPM අගයක පැවතුනද ටර්බෝ ආරෝපණය සැලකිය යුතු RPM අගයක පවත්වා ගැනීමේ හැකියාව ලබාගත හැකිය.
Back Fire ඇති වීම
ඉහත ඡේදයේදී විස්තර කල ආකාරයට පිටාර වාත බටය (Exhaust manifold) තුලදී දහනය වන ඉන්ධන මගින් ඇතිකරන ගිනිගැනීම් සයිලන්සරය තුලින් හඬක් සහිතව පිටවීම Back Fire එකක් ලෙස හඳුන්වයි.
Back Fire ඇතිවීම anti-lag ක්‍රියාවලියේ සිදුවන අතුරු ප්‍රතිඵලයක් බව වටහා ගත හැකිය.
මෙවැනි උපාංග සහිත වාහනයක් මන්දනයට ලක්වන අවස්ථාවලදී Back Fire ඇතිවේ. ඇතැම් අවස්ථාවල විනෝදාත්මක අරමුණින් Back Fire ඇති කිරීමට සලස්වනු ලබයි. ඒ සඳහා රථයේ ත්වරක පැඩලය (acceletor) පාගමින් හා ලිහිල් කරමින් Back Fire ලබා ගත හැකිය.
ටර්බෝ ආරෝපයක් සහිත රේසින් කාර් වල එන්ජිමේ RPM අගය අධික ලෙස ඉහළ යාම පාලනය කර ගැනීම සඳහා Rev-limiter නම් විශේෂිත උපාංගයක් භාවිතා කරයි. එහිදී සිදුවන්නේ එන්ජිමේ RPM අගය කිසියම් අගයකට වඩා ඉක්මවා යන්නේ නම් විවිධ ක්‍රම භාවිතා කරමින් (පුලිඟු පේනු ක්‍රියාවිරහිත කිරීම එක් ක්‍රමයක්) එන්ජිමේ RPM අගය කිසියම් නියත අගයක පවත්වා ගැනීමයි. මෙසේ RPM අගය අඩු කිරීම එන්ජිමේ සංවේදක වලට දැනෙන්නේ එන්ජිම මන්දනය වන බවයි. එවිට පෙරදී විස්තර කල ආකාරයට වැඩිපුර ඉන්ධන ලබාදීමේ ක්‍රමය ක්‍රියාත්මක වෙමින් Back Fire ඇති වීමට පටන් ගනී. මෙවැනි ඍැඩ-කසපසඑැරි පවතින වාහන වල ත්වරක පැඩලය එකදිගටම පාගන විටද Back Fire ඇතිවේ.
ටර්බෝ ආරෝපකයක් නොමැති වාහනද Back Fire ඇතිවන පරිදි සකස් කිරීමේ හැකියාව පවතී. (කාබියුරේටයක් හා EFI යන දෙවර්ග යටම හැකි වේ) Back Fire ඇති කිරීම සඳහා බොහෝ අවස්ථාවල සිදු කරන්නේ ඉන්ධන අනුපාතය වාතයට සාපේක්ෂව වැඩිකිරීම. (Rich air fuel mixer) මගින් පිටාර වාත බටය තුලදී දහනයක් ඇති කිරීමයි.
ටර්බෝ ආරෝපණ නොමැති වාහන Back Fire ඇතිවන පරිදි සැකසීම මගින් රථයේ ඉන්ධන පරිභෝජනය අනවශ්‍ය ලෙස වැඩිවේ. නිතරම එදිනෙදා වැඩකටයුතු සඳහා භාවිතා කරන රථයක් Back Fire ඇතිවන පරිදි සැකසීම ඉන්ධන නාස්ති කර දමන ක්‍රියාවකි. අපේ රට මුහුණ පා තිබෙන අර්බුදයක් සමග ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කිරීම වැදගත් වේ
ටයිටැනික්ගේ තනියට ගිය ටයිටන්
July 12, 2023
පසුගිය ජූනි 16 වැනි දා Polar Prince නම් වූ පර්යේෂණ නෞකාව කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්ඩ්හි ශාන්ත ජෝන්ස් වරායෙන් ගැඹුරු අත්ලාන්තික් සාගරය වෙත ගමන් ඇරඹුවේ ය. ඒ OceanGate සමාගමේ ‘ටයිටන්’ (Titan) නම් වූ ගැඹුරු සාගර තරණ සබ්මැරීනය ද සමඟ ය. එහි ඉලක්කගත ඉම වූයේ කිලෝමීටර 435ක් දුරින් අත්ලාන්තිත් සයුරේ ගිලී ගිය ටයිටැනික් නෞකාවේ සුන්බුන් පැවති ඉසව්වයි. දින දෙකක ඇවෑමෙන් ජූනි 18 වැනි දා නෞකාව සුන්බුන් සහිත ප්‍රදේශයට ළඟා විය. නැවට ඉහළින් 19 වැනි දාට පහන් වූයේ ටයිටැනික් නටඹුන් සමීප ව සියැසින් දැක බලාගැනීමේ වික්‍රමාන්විත ගවේෂණ චාරිකාවක බලාපොරොත්තු දල්වමිනි.
මුල් පැය කිහිපය
ගවේෂණය ඇරඹෙන්නට නියමිත ව තිබුණේ නැඟෙනහිර වේලාවෙන් පෙරවරු 4:00ට ය. නමුත් එය ප්‍රමාදයට ලක් වූ අතර ගවේෂක පිරිස Titan වෙත ඇතුළුවන විටත් පෙරවරු 7:30 වී තිබුණි. එක්සත් ජනපද වෙරළාරක්ෂක භටයන්ට අනුව හරියට ම පෙරවරු 8:00 ට අඩි 12,500ක් සාගර ජලකඳ යට සැතපෙන ටයිටැනික් බලා එය සිය ගමන ඇරඹුවේ ය. ඉලක්කය වෙත පිවිසීමට ගත වන පැය දෙකක කාලය පුරාත්, නිරීක්ෂණ කටයුතු අවසන් කර ආපසු මතුපිටට පැමිණෙන ගමනේත් ටයිටන්ගේ මව් යාත්‍රාව වශයෙන් Polar Prince රැඳී සිටින්නට නියමිත ව තිබුණි. නමුත් යමක් බරපතල ලෙස වැරදී ගොස් තිබුණි. ටයිටන්, ටයිටැනික් සොයා යන පැය දෙකකට ආසන්න චාරිකාවෙන් පැයකුත් විනාඩි 45ක් ගත වූ තැන සිය මව් යාත්‍රාව සමඟ වූ සන්නිවේදනය ඇණහිටියේ ය. මේ සන්නිවේදනය වනාහි දෘශ්‍ය හෝ ශ්‍රව්‍ය එකක් නො වීය. සෑම විනාඩි 15කට ම වතාවක් ටයිටන් වෙතින් සිය පිහිටුම පෙන්වා දෙමින් සංඥාවක් නිකුත්වීම ක්‍රියාපටිපාටිය විය. තවදුරටත් මේ සංඥා පැමිණියේ නැත. එසේ ම අවශ්‍යතාවය පරිදි ටයිටන් හා පෝලා ප්‍රින්ස් අතර කෙටි පාඨමය පණිඩුඩ හුවමාරුවක් කළ හැකි ව තිබුණ ද එය ද අවහිර වී තිබුණි. නැඟෙනහිර වේලාවෙන් පස්වරු 3:00 ට ටයිටන් සිය ආපසු ගමන නිමා කරමින් සාගර මතුපිටට පැමිණීමට නියමිත ව තිබුණි. නමුත් නියමිත වේලාව නික්මී පැයක් දෙකක් ගත ව ගියත් එය පැමිණියේ නැත. Polar Prince මේ බව වෙරළාරක්ෂක අංශවලට දැනුම් දෙන්නේ ඒ අනුව ය.
කාලය සමග සටනක්
ගලවාගැනීමේ මෙහෙයුම් සඳහා වූ තීරණාත්මක සාධකය වූයේ කාලයයි. ගත වන කාලයත් සමග ටයිටන්හි සිර වී සිටින්නන්ගේ ස්වසනය සඳහා වූ ඔක්සිජන් මට්ටම පහළ යන බැවිනි. අත්ලාන්තික් රළ අතර මෙහෙයුම් ක්‍රියාන්විතය සිදු වෙමින් පවතින අතරේ මුලින් පැය 96කට සරිලන පරිදි තිබූ වාතය 20 දා ශ්‍රී ලංකාවට මධ්‍යම රාත්‍රිය වන විට පැය 40කට සීමා වි තිබුණි. මෙසේ වාතය ඉතිරි ව පවතින කාල සීමාව ප්‍රකාශයට පත් කෙරුණේ මුහුද තුළ හෝ මතුපිට අවතැන් වී ඇති සබ්මැරීනය තුළ මගීන් පස් දෙනා ම ජීවග්රහයෙන් සිටින බව උපකල්පනය කරමිනි. එවැනි කාල රාමුවක් සෝදිසි මෙහෙයුම් නිවැරදි හා තාර්කික මාවතක තබා ගැනීමට උපකාරී වේ.
දියෙන් සහ ගුවනින් දින හතරක් පුරා අඛණ්ඩ සොදිසි මෙහෙයුමක් දියත් විය. ටයිටන් නිර්මාණය කර තිබුණේ පැය 24ක කාලයක් නො කඩවා මුහුද යට පැවතියහොත් ස්වයංක්‍රීය ව ම දිය මතුපිටට එසැවෙන ලෙසට ය. එනිසා ඒ වන විටත් එය සාගරය මතුපිටට පැමිණ තිබිය හැකි වීම ද එක් සම්භාවිතාවක් විය. මතුපිටට පැමිණි විටක දී එයට රේඩියෝ ට්‍රාන්ස්මීටර සහ GPS සංඥා මාර්ගයෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව පැවතුණි. සෙවුම් ආලෝක ධාරා, සැනෙලි විදුලි පහන් (strobe lights) සහ රේඩාර් පරාවර්තකයන් එය සතු වූයෙන් ඒවා මාර්ගයෙන් ද ගලවා ගැනීමේ කණ්ඩායම් වෙත යම් ඉඟියක් ලබා දීමේ හැකියාව පැවතුණි. නමුත් ටයිටන් සුදු පැහැයෙන් යුතු වූ නිසා සහ අයහපත් කාලගුණ තත්ත්වය හා දුර්වල දෘශ්‍යතාව හේතුවෙන් එය අභියෝගාත්මක කටයුත්තක් විය.
‘කනෙක්ටිකට් මෙන් දෙ ගුණයක වපසරියකින් යුතු’ අභිරුචිත සාගර කලාපයට අයත් කිලෝමීටර 4ක් පුරා විහිදුණු ගැඹුරු සාගරයේ ද මෙහෙයුම් ක්‍රියාත්මක විය. රේඩියෝ තරංග සහ GPS ජලය තුළින් ගමන් නො කරන බැවින් මේ සඳහා ඇති එක ම විසඳුම වන්නේ සෝනාර් සහ සෝනාර් බෝයාවන් ය. යුද නෞකා සතුරු සබ්මැරීන හඳුනා ගැනීම සඳහා අනුගමනය කරන්නේ ද මේ ක්රමවේදයයි. නෞකාවල තිබූ දුරස්ථ මෙහෙයුම් යානා ද (remotely operated vehicles – ROV) සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළේ ය.
සෝදිසි මෙහෙයුම සඳහා දායක වූ නෞකා පහත පිරිදි පෙළගැස්විය හැකි ය.
Polar Prince – ටයිටන් සබ්මැරීනය දියත් කළ පර්යේෂණ නෞකාව
Deep Energy – 3000m දක්වා ගැඹුරකට ගමන් කළ හැකි ROVs දෙකක් සහිත වාණිජ නළ එළුම් නෞකාවකි
Atlantic Merlin – 4000m දක්වා ගැඹුරකට ගමන් කළ හැකි වින්ච් පද්ධතියක් සහිත කැනේඩියානු සැපයුම් නෞකාවකි. ROVs සහිත නමුත් කෙතරම් ගැඹුරකට මෙහෙයවිය හැකි ද යන්න නො දනී.
Skandi Vinland – උප සමුද්‍රීය නෞකාවකි. ROVs සහිත නමුත් කෙතරම් ගැඹුරකට මෙහෙයවිය හැකි ද යන්න නො දනී.
L’Atalante – ප්‍රංශයට අයත් නෞකාවකි. ප්‍රංශ ජනාධිපතිවරයාගේ උපදෙස් මත මෙහෙයුමට සම්බන්ධ විය. ටයිටැනික් නටඹුන් ඇති ගැඹුරෙහි මෙහෙයවිය හැකි ROV යානයක් සහිත ය.
Horizon Arctic – ආධාරක උපාංග සහ ටයිටැනික් නටඹුන් ඇති ගැඹුරෙහි මෙහෙයවිය හැකි ROV යානයක් පටවන ලද වාණිජ නෞකාවකි.
Glace Bay – අසම්පීඩන කුටීරයක් සහ සූදානමින් පසු වන වෛද්‍යාධාර සහිත කැනේඩියානු නාවික හමුදාවට අයත් නෞකාවකි.
John Cabot – කැනේඩියානු වෙරළාරක්ෂකයින් විසින් මෙහෙයවනු ලබන සෝනාර් පරිලෝකන පහසුකම්වලින් සමන්විත විද්‍යාත්මක පර්යේෂණ නෞකාවකි.
Ann Harvey – කැනේඩියානු වෙරළාරක්ෂකයින්ට අයත් සැහැල්ලු අයිස්කඩනයකි.
Terry Fox – කැනේඩියානු වෙරළාරක්ෂකයින්ට අයත් අධිබර අයිස්කඩනයකි.
ගුවනින් අත් හරින ලද සෝනාර් බෝයාවන් මඟින් 20 දා සාගරයේ එක්තරා කලාපයක් පදනම් කරගෙන නැඟෙන ශබ්ද තරංග කිහිපයක් ග්‍රහණය කරගන්නට සමත් විය. යමකට තට්ටු කරන අයුරින් විනාඩි තිහක කාල විරාමයක් සහිත ව නැඟුණු ඒ හඬ සබ්මැරීනය තුළ සිර වී සිටින්නන් එහි ඇතුළත සිට බඳට රිද්මයානුකූල ව පහර දෙමින් තමන් සිටින ඉසව්ව ගැන ඉඟියක් දෙන්නට උත්සාහ කරන බව ද සැලකිල්ලට ගැනුණි. නමුත් ජලය තුළ ශබ්ද තරංග ගමන් ගන්නේ වායුගෝලීය වේගයට වඩා වැඩි වේගයකින් වීම නිසාත් හඬ ග්‍රහණය කළ ප්‍රදේශය තුළ එය පැමිණි නිශ්චිත මූලය සොයාගැනීම අසීරු විය.
අවසානය
ජුනි 22 දා ශ්‍රී ලංකාවේ වේලාවෙන් පසුවරු 4:30 ට පමණ ගණනය කර තිබූ පරිදි සබ්මැරීනයේ පැවතිය යුතු වාතය නෂ්ට ව ගියේ ය. එදින ම ටයිටැනික් නටඹුන් සහිත සාගර පත්ල වෙත Horizon Arctic වෙතින් පහත් කෙරුණු ප්‍රංශයේ නිෂ්පාදිත Odysseus 6K නියමු රහිත දුරස්ථ මෙහෙයුම් යානය මඟින් ටයිටැනික් නැවේ ඉදිරිපස කොටසේ සිට අඩි 1,600ක් ඈතින් මුහුද පත්ලේ වැටී තිබූ ටයිටන්ගේ පසුපස කොටස (tail cone) සොයාගැනුණි. සුළු මොහොතකට පසු ව ප්‍රකාශයට පත් පරිදි සබ්මැරීනයේ තවත් ප්‍රධාන කොටස් පහක් කැබලී වී ගොස් ඇති අයුරු නිරීක්ෂණය කළ හැකි විය. ඒ අනුව පෙනී ගියේ ටයිටන්ගේ පීඩන කුටීරය බිඳවැටීමකට ලක් ව අන්තර් විදාරණයක් (implosion) ඇති වී ඇති බවයි. එනයින් මගීන් සියලු දෙනා මිය ගිය බව ඔවුන්ගේ පවුලේ අය දැනුවත් කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය වෙත හෙළි කිරීමට වෙරළාරක්ෂක කමාන්ඩර්වරයා වශයෙන් කටයුතු කරන රියර් අද්මිරාල් John Mauger කටයුතු කළේ ය.
පෘථිවිය මතුපිට අප වාසය කරන්නේ වර්ග අඟලකට රාත්තල් 15ක පීඩනයක් යටතේ ය. ටයිටැනික්ගේ නටඹුන් විසිර ඇති, ටයිටන් පිවිසි අඩි 12,000කට එහා ගැඹුරේ දී සමුද්‍රික පීඩනය එමෙන් 350 ගුණයක් වේ. එය වර්ග අඩියක් මතට රාත්තල් 6,000ක පීඩනයක් ඇති කරයි. මෙම පීඩන ඔරොත්තු දීමට මිනිසෙකුට සිතීමට වත් හැකි යමක් නො වන අතර එවන් ගැඹුරු සාගර මට්ටමක යාත්‍රා කළ හැක්කේ ද ටයිටේනියම් වැනි පීඩනය මනා ලෙස දරාගත හැකි වූ ලෝහයකින් නිර්මිත සබ්මැරීනවලට පමණි. මගීන්ගේ සුවපහසුව තකා ඒවායේ අභයන්තරය වායුගෝලීය පීඩනයට සමාන කළ යුතු අතර මගීන් සහ අධික පීඩනයකින් යුතු ව රෞද්‍ර ලෙස බලා හිඳිනා මහා ජල කඳත් අතරින් ටයිටේනියම් බිත්තිය පැවතිය යුතු ය. එය හැඳින්වෙන්නේ ‘පීඩන කුටීරය’ නමිනි.
එහි සිදු වන යම් දුර්වලතාවක් හෝ බිඳවැටීමක් නිසා පිටත ඇති පීඩනය සෑම දිශාවකින් ම ඇතුළතට කඩා වැදීම සිදු වේ. එය සිදු වන්නේ පිපුරුමක් ආකාරයෙන් ව්‍යුහය ඇතුළට හැකිලී බිඳී යාමෙනි. මෙය ඇතුළතට සිදු වන පිපුරුමක් ලෙස හඳුන්වා දිය හැකි අතර එය සඳහා implosion හෙවත් අන්තර් විදාරණය යන වදන විද්‍යාත්මකව යොදා ගැනේ.
එවන් අධික පීඩනයකට යටත් ව සිදු වන අන්තර් විදාරණයක් සිදු වන්නේ පැයට සැතපුම් 1,500ක වේගයකින් බව CNN වෙත අදහස් දැක්වූ හිටපු නාවික නිලධාරී Aileen Martin සඳහන් කර තිබේ. එයට ගත වන්නේ මිලි තත්ත්පර කිහිපයක් පමණි. Martin සඳහන් කළේ මිනිස් මොළයට සිදු වන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට අවම වශයෙන් තත්පරයෙන් හතරෙන් එකක කාලයක් ගත වන බවයි. මිලිතත්ත්පර කිහිපයක් ගණනක් ඇතුළත සමස්ත ව්‍යුහයම පුපුරා ගොස් අධික පීඩනයට නතු වන බැවින් මගීන් සිදු වන්නේ කුමක් දැයි දැන ගැනීමටත් පෙර මියයන්නට ඇති බව ය ඔහු පවසන්නේ. එය වේදනාවකින් තොර ක්ෂණික මරණයකි.
මේ අනුව පෙනී යන්නේ ටයිටන් සිය අවසාන සංඥාව මව් යාත්‍රාව වෙත එවා මොහොතකට පසු එය විනාශ වන්නට ඇති බව ය. සෝදිසි මෙහෙයුම් ඇරඹෙන්නට ද පෙර මගීන් සියලු දෙනා වෙත මරණය ළඟා වූ බව ය. මේ බව සනාථ කළ හැකි ටයිටන් අතුරුදන් වූ දිනයේ ම සාගර අභ්‍යන්තරයේ වූ අන්තර් විදාරණයකට සම කළ හැකි පිපුරුමක ශබ්දයක් ග්‍රහණය කරගන්නට ඇමරිකානු නාවික හමුදා ව සමත් ව තිබෙන බව දැන් හෙළි වී තිබේ. වහා ම එම තොරතුර සෝදිසි මෙහෙයුමේ ප්‍රධානීන් වෙත යැවූ බවත් එය සෝදිසි මෙහෙයුමේ අවධානය යොමු විය යුතු කලාපය තවත් පටු කිරීමට උපකාරී වූ බවත් නිලධාරීහු පැවසූහ. මුල දී එම ශබ්දය ‘විස්තර කළ නො හැකි’ කාණ්ඩය යටතේ වර්ගීකරණය තිබුණි.
වැරදුණේ කොතැන ද?
වැරදුණේ කොතැන දැ යි කරුණු හෙළි කර ගැනීම සඳහා තවමත් පරීක්ෂණ ක්‍රියාත්මක ය. ගලවා ගැනීමේ මෙහෙයුමකින් පලක් නොමැති බව හෙළි වූ මොහොතේ සිට එය වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීම වෙනුවෙන් කෙරෙන විමර්ෂණයක් බවට හැරුණි. තවත් සුන්බුන් හඳුනාගැනීම සහ ඒවා සිතියම් ගත කිරීම සඳහා ද මුල් ම සුන්බුන් කැබැලි සොයා ගත් Odysseus 6හි සහ එහි ම නිවුන් සහෝදරයෙකු වැනි වූ Vector 6000 ROVහි ද සහයෝගය ලබා ගැනේ.
1997 දී තිරගත වූ Titanic චිත්‍රපටය වෙනුවෙන් සහ සිය ගවේෂණාත්මක සංතෘප්තිය වෙනුවෙන් 33 වතාවක් ටයිටැනික් සුන්බුන් වෙත කිමිදී ඇති, එමෙන් ම 2012 දී මරියානා අගාධයට ද ගමන් කළ චිත්‍රපට අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් ඛේදනීය අන්තර් විදාරණය ගැන CNN වෙත අදහස් දක්වමින් කියා සිටියේ ටයිටැනික් අනතුරේ සහ ටයිටන් මුහුණ දුන් අනතුරේ යම් සමානතාවක් ද තිබෙන බව ය.
‘මම හිතනවා මෙතන විස්මය දනවනසුලු ව්‍යංගාර්ථයක් තිබෙනවා කියා. ටයිටැනික් ගිලී ගියේ සඳ නැති, දෘශ්‍යතාවය දුර්වල රැයක ලැබුණු අනතුරු ඇඟවීම් නො සලකා, අයිස් ගහන ප්‍රෙද්ශයක් තුළින් උපරිම වේගයෙන් යාත්‍රා කරන්නට එහි කපිතාන්වරයා තීරණය කළ නිසයි. සබ්මැරීනයේ ප්‍රමිතිය සහතික කරන ලද්දක් නො වීම හේතුවෙන් නැඟුණු අනතුරු ඇඟවීම් නො තකා හැරීම නිසා සිදු වීම් දෙකෙහි සමාන බවක් තිබෙන බව මම හිතනවා.’ කැමරන් පැවසුවේ ය.
ඔහු නිවැරදි ය. OceanGate සමාගමේ ටයිටන් නම් වූ මෙම ගැඹුරු සාගර තරණ යාත්‍රාව පිළිබඳ විද්වතුන් අවධානය යොමු කළේ කලකට ඉහත දී ය. ටයිටන්ගේ සුරක්ෂිත බව පිළිබඳ සිය කුකුස පළ කළ OceanGate සමාගමේ සේවය කළ සුරක්ෂිතතාව භාර නිලධාරියාව ඉන් පහ කිරීමට සමාගම කටයුතු කර තිබුණි.
2018 දී OceanGate වෙත ලිපියක් ලියමින් ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් ඉල්ලා සිටියේ එහි සුරක්ෂිතතාව තහවුරු කරන ලෙසට ය. Marine Technology Societyහි සභාපතිත්වය උසුලන William Kohnen පෙන්වා අඩි 12,000ක් යටට පිවිසිය හැකි සබ්මැරීන ලෝකයට ම ඇත්තේ 10ක් බවත්, ඒවා අතුරින් තත්ත්ව සහතික කිරීමකින් තොර ව පැවති එකම යාත්‍රාව ටයිටන් බවත් ය.
ටයිටන් මුහුණ දුන් ඉරණමත් සමග අනාගතයේ ගැඹුරු සාගර තරණය පිළිබඳ දැඩි නීති රෙගුලාසි හඳුන්වා දෙන්නට සිදු වනු ඇති බව විද්වතුන් පෙන්වා දෙන විද්‍යාත්මක සත්‍යයකි.
Air Bag ආරක්ෂිත ද?
April 26, 2023
මෑතක දී තරුණ ශ්‍රී ලාංකීය විද්‍යාඥයකු මාර්ග අනතුරකින් වායු බෑගය (Air Bag) ක්‍රියාත්මක වීමේ දී එහි තිබූ දෝෂයක් නිසා ගෙල ප්‍රදේශයට හානි වීමෙන් දිවි අහිමි වීමත් සමඟ, වායු බෑගය ආරක්ෂිත ද? යන ප්‍රශ්නාර්ථය බොහෝ දෙනාට පැන නැඟුණි. වායු බෑගයකින් අනතුරක දී ආරක්ෂාවක් සැලසෙන්නේ ද? වායු බෑගයක භෞතික විද්‍යාත්මක පැහැදිලි කිරීම කවරාකාර වේ ද යන්න සවිස්තර ව විමසා බැලීම ලිපියේ අරමුණයි.
පැයට සැතපුම් 35ක (10.6 ms’) ප්‍රවේගයකින් ගමන් කරන වාහනයක් ගසක් වැනි බාධකයක ගැටී ක්ෂණික ව නැවතීම සලකමු. මෙහි දී වාහනය නැවතීමකට ලක් වූයේ ඉතා කුඩා කාලාන්තරයක් තුළ ගස මඟින් වාහනය මත යොදන ලද අතිවිශාල ආවේගී බලය නිසා ය. එම මොහොතේ මඟියා සහ ඩෑෂ් පුවරුව (dash board) අතර පරතරය 0.5m පමණ වේ යැයි සිතමු. ඒ අනුව මඟියා ඩෑෂ් පුවරුවේ ගැටීමට ගත වන කාලය,
කාලය = විස්ථාපනය / ප්‍රවේගය
මඟින් සෙවිය හැකි ය.
එවිට ලැබෙන කාලය තත්පර 0.032ක් පමණ වේ. අඩුම තරමින් මේ කාලයෙන් අඩක් ගත වන විට වත් වායු බෑගය ක්‍රියාත්මක වීම සිදු වේ.
ආවේගී බලයක් (Impulsive force) යනු කුමක් ද?
ඉතා කුඩා කාලාන්තරයක් තුළ වස්තුවකට විශාල ගම්‍යතා වෙනසක් ලබා දිය හැකි ආකාරයේ බල මෙනමින් හඳුන්වනු ලබයි. අනෙක් බලවලට සාපේක්ෂ ව ආවේගී බලයකින් වස්තුවකට සිදු කරන චලිත විපර්යාසය විශාල එකක් වන අතර (ඉතා වේගයෙන් පැමිණෙන වස්තුවක් නිශ්චලතාවට පත් කිරීම වැනි) හානිකර ආවේගී බලයක් නම් එමඟින් වස්තුවට සිදු වන හානිය ඉතා වැඩි ය. බෝලයක් බිත්තියේ වැදී ආපසු පොලා පැනීමේ දී බිත්තිය මඟින් බෝලය මත යෙදෙන බලය ආවේගී බලයකි (හානිකාරී නො වන). වාහනයක් අනතුරකට ලක් වන අවස්ථාවක වාහනය වේගයෙන් පැමිණ ගසක ගැටී නතර වීමේ දී ගස මඟින් වාහනය මත යෙදෙන බලය ද ආවේගී බලයකි (හානිකාරී). එම අවස්ථාවේ දී වාහනය තුළ සිටින පුද්ගලයා ආසන පටි නො පැළඳ සිටිය හොත් රේඛීය ගම්‍යතා සංස්ථිති නියමයට අනුව වාහනය ගසෙහි ගැටී නිශ්චල වීමෙන් පසුව ද එම පුද්ගලයා එම 10.6 ms-1 ප්‍රවේගයෙන් ම චලිත වීම සිදු වේ. එබැවින් ඔහු නතර වීම සිදු වන්නේ ඉදිරියේ ඇති ඩෑෂ් පුවරුව මත ගැටීමෙනි. එහි දී පුවරුව මඟින් පුද්ගලයා මත යෙදෙන්නේ ආවේගී බලයකි (හානිකාරී). එම නිසා එම පුද්ගලයාට තුවාල හෝ ජීවිත හානියක් සිදු වේ.
ආවේගී බලයක් මන්දායනය කර ගන්නේ කෙසේ ද?
ආවේගී බලයක් යෙදෙන විට එය ඉතා කුඩා කාලාන්තරයක් තුළ උපරිමයක් දක්වා ගමන් කර නැවත ශුන්‍ය කරා පැමිණෙන විචලනයක් පෙන්වයි. එබැවින් එවැනි බලයක දී සලකනු ලබන්නේ විචල්‍ය බලයෙහි සාමාන්‍ය අගය යි (F). මේ අගය,
F = ගම්‍යතා වෙනස / ගත වූ කාලය (ස්පර්ශ කාලය)
යන්න මඟින් දෙනු ලබයි.
ඉහත සමීකරණයට අනුව F ආවේගී බලයේ සාමාන්‍ය අගය, ගත වූ කාලයට (ස්පර්ශ කාලයට) ප්‍රතිලෝම ව සමානුපාතික බැවින්, පුද්ගලයා ගැටීම් සිදු වන ස්පර්ශ කාලය වැඩි කිරීම මඟින් එහි අගය අඩු කර ගැනීම හෙවත් ආවේගී බලය මඟින් වස්තුවට සිදු වන හානිය අවම කර ගත හැකි ය.
වායු බෑගයකින් ලැබෙන ආරක්ෂාව
වාහනය බාධකයේ ගැටෙන අවස්ථාවේ දී ම වායු බෑගය ක්‍රියාත්මක වන්නේ යැයි සිතමු. එවිට පුද්ගලයාට වායු බෑගය සමඟ වැඩි ස්පර්ශ කාලයක් ලැබේ. එබැවින් ආවේගී බලයේ විශාලත්වය අඩු වී එමඟින් පුද්ගලයාට සිදු වන හානිය අඩු වේ. මේ සඳහා උදාහරණයක් ලෙස සරල පරීක්ෂණයක් ඉදිරිපත් කළ හැකියි.
බිත්තරයක් යම් උසක සිට අතහැරීම සිදු කළ විට එය පොළොවේ ගැටීමෙන් බිඳීමට ලක් වේ. ඒ සඳහා ගත වන්නේ අඩු ස්පර්ශ කාලයක් බැවිනි. නමුත් පොළොව වෙනුවට එය ඇද ගැටගසන ලද රෙද්දක් මතට හෝ මෙට්ටයක් මතට වැටෙන්නට සැලැස්වුව හොත් බිත්තරය රෙද්ද හෝ මෙට්ටය
මත ගත කරන ස්පර්ශ කාලය වැඩි ය. එම නිසා පෙර අවස්ථාවේ දී පොළොව මඟින්
යෙදුණ ආවේගී බලයට වඩා විශාලත්වයෙන්
අඩු සාමාන්‍ය බලයක් මේ අවස්ථාවේ දී වස්තුව මත යෙදෙන බැවින් එමඟින් වස්තුවට සිදු වන හානිය අවම වේ. තව ද වායු බෑගයක් අනතුරට ලක් වන පුද්ගලයාගේ සම්පූර්ණ ශරීරය ම පාහේ ස්පර්ශ කරන බැවින් ආවේගී බලය යෙදෙන අභිලම්බ පෘෂ්ඨ වර්ගඵලය ද වැඩි වීම සිදු වේ. වස්තුව මත යොදන පීඩනය,
O P = ආවේගී බලය / අභිලම්බ වර්ගඵලය
මඟින් දෙනු ලබයි.
මේ සමීකරණයට අනුව බැලුනය හා ගැටීමේ දී අභිලම්භ පෘෂ්ඨ වර්ගඵලය වැඩි බැවින් පුද්ගලයා මත යෙදෙන පීඩනය ද යම් ප්‍රමාණයකින් අඩු වෙයි. මේ සියලු කාරණා අනුව වායු බෑගයක් මඟින් මඟීන්ට ආරක්ෂාව සැලසෙන බව කිව හැකි ය.
අප ආරම්භයේ දී සඳහන් කළ විද්‍යාඥයාගේ මරණයට හේතු වී තිබුණේ වායු බෑගයේ ඇලී තිබූ යකඩ කැබැල්ලක් නිසා බව කියැ වේ. එය එම වාහන නිෂ්පාදන ආයතනය මඟින් සිදු වූ නිෂ්පාදන දෝෂයක් මිස පොදු වශයෙන් වායු බෑගයක් මඟින් සලස්වන ආරක්ෂාවෙහි ගැටලුවක් නො වන බව අපට දැන් පැහැදිලි ය.
මේ නිෂ්පාදන දෝෂය සහිත මෝටර් රථ හා කැබ් රථ ලක්ෂ හතක් පමණ දැනටත් අනාරක්ෂිත ව මෙරට මාර්ග පද්ධතියේ ධාවනය වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. වාහන මාදිලි (47) කට අයත් වාහන මෙසේ නිෂ්පාදන දෝෂ සහිත ව තවමත් ධාවනය වන අතර වෙනත් රටවල මේ වාහන අදාළ මෝටර් රථ නියෝජිත ආයතන විසින් නැවත ගෙන්වා ප්‍රතිස්ථාපනය කර ඇත. නමුත්
ශ්‍රී ලංකාව තුළ මෙය තවමත් නිසියාකාර ව සිදු වී ඇති බවක් නො පෙනේ. ඔබගේ වාහනයත් එම කාණ්ඩවලට අයත් නම් නො පමාව අදාළ ආයතන අමතා වාහනයේ වායු බෑගය ප්‍රතිස්ථාපනයට ප්‍රමුඛස්ථානය දෙන්න. මන්දයත් වායු බෑගයක් යනු මඟීන්ගේ ආරක්ෂාව සඳහා නිර්මාණය කරන ලද්දක් මිස මඟියාට හානි පැමිණ වීමට සකසන ලද්දක් නො වන බැවිනි.
ටොරීනෝ පරිමාණය
March 24, 2023
මෑතක දී සොයාගැනුණු 2023DW ග්රහකය 2046 වසරේ ආදරවන්තයින්ගේ දිනයේ දී පෘථිවිය සමග ඝට්ටනය විය හැකි බව ඉකුත් දා නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින් නිවේදනය කරනු ලැබුණා. ආසන්න වශයෙන් කිලෝමීටර 50 ක විශ්කම්භයකින් යුතු මෙය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 18ක් දුරින් පිහිටන අතර පෘථිවිය හා ගැටීමේ සම්භාවිතාව ලෙස සඳහන් වන්නේ 625න් 1යි. ග්රහකය තව තවත් පෘථිවියට ළඟා වන අතරේ එහි ගමන් පථය වඩාත් නිරවද්‍ය ව දැනගන්නා තෙක් ම මේ සම්භාවිතාව එහි මෙහා විය හැකියි. දැනට හැඳින ඇති පරිදි ටොරීනෝ පරිමාණයට අනුව එයට ලැබී ඇති අගය වන්නේ 1 යි.
ටොරීනෝ පරිමාණය ග්රහකයක ඝට්ටනය වීමට ඇති අවදානම වර්ගීකරණය කිරීම සඳහා දැනට බහුලව යොදා ගැනෙන ක්රමවේදයයි. එසේ ම එහි ඇති අවදානම් මට්ටම සාමාන්‍ය මහජනයාට ද තේරුම් යන සේ සන්නිවේදනය කළ හැකි වීම ද විශේෂත්වයක්. එමඟින් යම් ග්රහකයක් ඝට්ටනය වීමට ඇති සම්භාවිතාවත්, එය සතු චාලක ශක්තියත් සංයෝජනය කරමින් විය හැකි ගැටුමක ප්‍රබලත්වය පෙන්වා දෙනවා. ඇතැම් විට යම් ග්රහකයකට ගණනය කෙරෙන ටොරීනෝ අගය වැඩි විය හැකියි. බොහෝ විට එය සිදු වන්නේ කාලයත් සමග ක්‍රමිකවයි.
ටොරීනෝ පරිමාණය (Torino Scale) හඳුන්වා දෙන ලද්දේ ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥයෙකු මෙන් ම ග්‍රහ විද්‍යාඥයෙකු ද වූ මහාචාර්ය රිචඩ් පී. බින්සල් (Richard P. Binzel) විසින් 1995 වසරේ දී යි. ඔහු එවක මැසචුසෙට්ස් තාක්ෂණායතනයේ (MIT) පෘථිවි, වායුගෝලීය සහ ග්‍රහලෝක විද්‍යා අධ්‍යයන දෙපාර්තමේන්තුවේ සේවය කළා. ඔහු විසින් 1995 දී පැවැති එක්සත් ජාතීන්ගේ සමුළුවක දී ටොරීනෝ පරිමාණයේ මුල් ම සංස්කරණය ඉදිරිපත් කරනු ලැබුණා. ඔහු එහි දී එය හඳුන්වා දී තිබුණේ Near-Earth Orbit Hazard Index ලෙසයි. ‘උවදුරු දර්ශකය’ හෙවත් ‘Hazard Index’ යන කෙටි යෙදුමෙන් ද හැඳින්වූ එය තවත් හොඳින් පිරියම් කර 1999 දී ඉතාලියේ, ටියුරින් (Turin) නුවර දී පෘථිවියට ආසන්න වස්තූන් (Near Earth Objects – NEOs) සම්බන්ධයෙන් පැවැත්වුණු ජාත්‍යන්තර සමුළුවට ඉදිරිපත් කෙරුණා. සංස්කරණය කරන ලද පරිමාණයට එහි දී මනාපය හිමි වූ අතර NEOs මඟින් පෘථිවියට හෙළන උවදුරු ගැන කෙරෙන පර්යේෂණ කටයුතු වෙනුවෙන් සමුළුවෙන් ඉටුවන සේවය සිහිවීම පිණිස එය ‘ටොරිනෝ පරිමාණය’ ලෙස නම් කිරීමට ද එහි දී පියවර ගැනුණා. ටොරීනෝ යනු ඉතාලි භාෂාවෙන් ටියුරින් නුවර හඳුන්වන නමයි.
ටොරීනෝ පරිමාණය සිය මැනීම් කටයුතු සඳහා 0 සිට 10 දක්වා වූ පාඨාංක යොදාගන්නවා. 0 මඟින් පෘථිවිය සමග නො ගැටී යන ග්රහකයක් හෝ පෘථිවියට කඩා වැටුණත් කිසි හානියක් නො කරන, නො සලකා හැරිය හැකි කුඩා කොටස් නියෝජනය කෙරෙනවා. අංක 10 මඟින් ගෝලීය ව්‍යසනයක් ඇති කළ හැකි ග්රහකයක ඝට්ටනය නියත වශයෙන් ම සිදු වන බව තහවුරු කෙරෙන අවස්ථා නියෝජනය කෙරෙනවා. මේ පරිමාණය භාවිතා කළ හැක්කේ වසර සියවසක කාල සීමාවකින් මෙහා ඇති ඝට්ටනය වීම් පිළිබඳ තක්සේරුවක් ලබා ගැනීමට පමණයි.
ටොරීනෝ පරිමාණය සිය පාඨාංක වඩාත් පැහැදිලි ව නිවේදනය කිරීම සඳහා වර්ණ කේත ක්‍රමයක් යොදා ගන්නවා. එය සුදු, කොළ, කහ, තැඹිලි සහ රතු පැහැයන්ගෙන් සමන්විතයි. එහි අන්තර්ගතය මෙසේ දැක්විය හැකියි.
උවදුරක් නැත (සුදු)
0 – ඝට්ටනයක සම්භාවිතාව බොහෝ විට ශුන්‍ය හෝ ශුන්‍ය ලෙස ගෙන නො සලකා හැරිය හැකි ය. වායුගෝලයේ දී දැවී යන උල්කාෂ්ම සහ වෙනත් ප්රපංචයන් මෙන් ම කලාතුරකින් අනතුරක් ඇති කරන උල්කාපාත කඩා වැටීම් ද ඇතුළත් වේ.
සාමාන්‍යයි (කොළ)
1 – අසාමාන්‍ය මට්ටමක උවදුරක් ඇති නො කර අසලින් ඇදී යා හැකි බවට උපකල්පනය කෙරෙන ග්රහකයක් නිරීක්ෂණය කෙරේ. වත්මන් ගණනය කිරීම් මඟින් ඝට්ටනයක් සිදු වීම අතිශය විරල බව පෙන්නුම් කෙරෙන අතර මහජනයාගේ අවධානයට හෝ සැලකිල්ලට හෝ ලක්වීමට හේතුවක් පැන නො නඟී. දුරේක්ෂ මඟින් කෙරෙන නව නිරීක්ෂණයන් මඟින් බොහෝ විට එය 0 මට්ටම දක්වා පහත හෙළෙනු ඇත.
විද්‍යාඥයන්ගේ අවධානය ඉල්ලා සිටියි (කහ)
2 – පුළුල් කරන ලද නිරීක්ෂණයන් මඟින් අතිශය අසාමාන්‍ය නො වන නමුත් වඩා ආසන්නයෙන් ඇදී යා හැකි බව පෙනී යයි. තාරකා විද්‍යාඥයන්ගේ අවධානය ලැබිය යුතු වුව ද සැබෑ ඝට්ටනයක් සිදු වීම අතිශය විරල බැවින් මහජනයාගේ අවධානයට හෝ සැලකිල්ලට හෝ ලක්වීමට හේතුවක් පැන නො නඟී. දුරේක්ෂ මඟින් කෙරෙන නව නිරීක්ෂණයන් මඟින් බොහෝ විට එය 0 මට්ටම දක්වා පහත හෙළෙනු ඇත.
3 – තාරකා විද්‍යාඥයන්ගේ අවධානය ඉල්ලා සිටින සමීප ඇදීයාමකි. වත්මන් ගණනය කිරීම් මඟින් 1% හෝ ඊට වැඩි සම්භාවිතාවක ඝට්ටනයක් සිදුවිය හැකි ය. දුරේක්ෂ මඟින් කෙරෙන නව නිරීක්ෂණයන් මඟින් බොහෝ විට එය 0 මට්ටම දක්වා පහත හෙළෙනු ඇත. ඇදී යාම නියමිත ව ඇත්තේ දශකයකට අඩු කාලයක දී නම් මහජනයාගේ හා මහජන නිලධාරීන්ගේ අවධානය ඉල්ලා සිටී.
4 – තාරකා විද්‍යාඥයන්ගේ අවධානය ඉල්ලා සිටින සමීප ඇදීයාමකි. වත්මන් ගණනය කිරීම් මඟින් 1% හෝ ඊට වැඩි සම්භාවිතාවක කලාපීය ව්‍යසනයක් ඇති කළ හැකි ඝට්ටනයක් සිදුවිය හැකි බව පෙනේ. දුරේක්ෂ මඟින් කෙරෙන නව නිරීක්ෂණයන් මඟින් බොහෝ විට එය 0 මට්ටම දක්වා පහත හෙළෙනු ඇත. ඇදී යාම නියමිත ව ඇත්තේ දශකයකට අඩු කාලයක දී නම් මහජනයාගේ හා මහජන නිලධාරීන්ගේ අවධානය ඉල්ලා සිටී.
තර්ජනීයයි (තැඹිලි)
5 – බරපතළ, නමුත් තවමත් නිෂ්චිත නොමැති කලාපීය ව්‍යසනයක් ඇති කළ හැකි සමීප ඇදී යාමකි. මේ මට්ටමේ ඇති බොහෝ වස්තූන් ද 0 මට්ටම දක්වා පහළ වැටීමට ඉඩ ඇති නමුත් යම් හෙයකින් ඝට්ටනයක් සිදු වේ ද යන්න නිර්ණය කර ගැනීම තකා විද්‍යාඥයන්ගේ දැඩි අවධානය අවශ්‍ය ය. හමුවට ඇත්තේ දශකයකට අඩු කාලයක් නම් අවිනිශ්චිත තත්ත්වයට මුහුණ දිය හැකි පරිදි රාජ්‍ය මට්ටමින් සැලසුම් ක්‍රියාත්මක කිරීම සුදුසු ය.
6 – බරපතළ, නමුත් තවමත් නිෂ්චිත නොමැති ගෝලීය ව්‍යසනයක් ඇති කළ හැකි සමීප හමුවකි. මේ මට්ටමේ ඇති බොහෝ වස්තූන් ද 0 මට්ටම දක්වා පහළ වැටීමට ඉඩ ඇති නමුත් යම් හෙයකින් ඝට්ටනයක් සිදු වේ ද යන්න නිර්ණය කර ගැනීම තකා විද්‍යාඥයන්ගේ දැඩි අවධානය අවශ්‍ය ය. හමුවට ඇත්තේ දශකයකට අඩු කාලයක් නම් අවිනිශ්චිත තත්ත්වයට මුහුණ දිය හැකි පරිදි රාජ්‍ය මට්ටමින් සැලසුම් ක්‍රියාත්මක කිරීම සුදුසු ය. ඝට්ටනයට ඇති අවස්ථා වියැකී යෑමෙන් මේ මට්ටමේ ඇති ඇතැම් වස්තූන් 1 හෝ 2 හෝ මට්ටම්වලට පහත බැසිය හැකි ය.
7 – බරපතළ, නමුත් තවමත් නිෂ්චිත නොමැති ගෝලීය ව්‍යසනයක් මේ සියවස තුළ ඇති කළ හැකි සුවිශාල වස්තුවක් සමග ඉතා සමීප හමුවකි. ඉදිරි සියවසක කාලය තුළ ඇතිවන එවැනි උවදුරකට මුහුණ දීය හැකි පරිදි ජාත්‍යන්තර මට්ටමේ සැලැස්මක් තැනීම ඇරඹීම සුදුසු ය. ඝට්ටනයක් නියත වශයෙන් ම සිදු වේ ද යන්න නියත වශයෙන් ම තහවුරු කරගැනීම සඳහා වහා ම ක්‍රියාත්මක විය යුතු ය.
තහවුරු කරන ලද ඝට්ටන (රතු)
8 – ඝට්ටනයක් ස්ථිර ය. ගොඩබිම මත වන ගැටීමකින් හෝ මුහුදුබඩ ප්‍රදේශයක නම් බොහෝ විට සුනාමියකින් හෝ හානි ඇති කිරීමට සමත් ය. එවැනි ඝට්ටන සිදුවන්නේ වසර 100කට වතාවක් සහ 10,000කට වතාවකි.
9 – ඝට්ටනයක් ස්ථිර ය. ගොඩබිම මත වන ගැටීමකින් පෙර නොවූ විරූ කලාපීය ව්‍යසනයකුත්, සාගර ගෑටීමකින් මහා පරිමාණයේ සුනාමි තත්ත්වයක් ඇති කිරීමට සමත් ය. එවැනි ඝට්ටන සිදුවන්නේ වසර 10,000කට වතාවක් සහ 250,000කට වතාවකි.
10 – ඝට්ටනයක් ස්ථිර ය. ගොඩබිම හෝ සාගර ඝට්ටනයක් වේවා ඉන් සිදුවන ගෝලීය දේශගුණික ව්‍යසනය ජීවයේ පැවැත්ම සහමුලින් ම අනතුරේ හෙළනු ඇත. එවැනි ඝට්ටන සිදුවන්නේ වසර 250,000කට වතාවකි.
මෙතෙක් පෘථිවිය මුහුණ දුන් දරුණුතම ග්රහක ගැටුම වන ඩයිනොසෝරයන් පවා මිහිපිටින් අතුගා දමන්නට සමත් වූ ‘චික්සලබ් ඝට්ටනය’ පසුවන්නේ රතු වර්ණයට අයත් 10 වැනි මට්ටම තුළයි.
1908 දී හටගත් ‘තුංගුස්කා ඝට්ටනය’ ටොරීනෝ පරිමාණයට අනුව 08 වැනි මට්ටමේ පසුවනවා.
2046 දී පෘථිවිය සමග සමීප මුණගැසුමකට එන 2023ෘඋ ග්රහකය දැනට පසු වන්නේ 1 වන මට්ටමේයි. එය තවත් ආසන්නයට එන විට යාවත්කාලීන කෙරෙන ගමන් පථ දත්තවලට අනුකූල ව ‘පොතේ හැටියට’ 0 මට්ටමට වැටෙනු ඇතැ යි අපේක්ෂා කෙරෙනවා.
වේග පන්දුවේ විස්මයජනක විද්‍යාව
December 22, 2022
ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා ම සුවිශේෂී සහ ජනප්‍රිය අංගයක් ලෙස වේග පන්දු හැඳින්විය හැකි ය. කෙටි දුරක් වේගයෙන් දිවගෙන විත් පන්දු යවන්නා අතින් නිකුත් කෙරෙන පන්දුව ඇසිපිය හෙළන වේගයෙන් කඩුලු බිඳ හෙළන ආකාරය ක්‍රිකට් නරඹන අපි සියලු දෙනා අපමණ වාර ගණනක් රස විඳ ඇත්තෙමු. බොහෝ විට පන්දු යවන කණ්ඩායම ඉනිම ආරම්භ කරන්නේ වේග පන්දු යවන්නන් යොදා ගනිමින් වන අතර අවසන් පන්දුව තෙක් දිවෙන බොහෝ ක්‍රිකට් තරගවල අවසාන ප්‍රතිඵලය රඳා පවතින්නේ ද වේග පන්දු යවන්නන්ගේ දක්ෂතා මත ය. ක්‍රිකට් ක්‍රීඩාවේ ජවය, ශක්තිය, වේගය විදහා පාන්නේ වේග පන්දුවයි.
වේගය ගන්නා උපක්‍රම
වේග පන්දුවක වේගය නිර්ණය වන සාධක කිහිපයකි. පන්දු යවන්නාගේ වේගවත් ධාවනය, පන්දුව යවන අතෙහි ක්ෂණික චලනය, උරහිසේ සිට පන්දුව නිකුත් කරන ලක්ෂ්‍යයට ඇති දුර, අතෙහි මැණික් කටුවේ (wrist) ක්ෂණික චලනය මින් ප්‍රධාන වේ .
වේගයෙන් දිව එන පන්දු යවන්නන් හට වේගයෙන් පන්දුව නිකුත් කිරීමට හැකි බව අප අත්දැක ඇති කාරණයකි. නිශ්චලතාවයෙන් ආරම්භ කොට කෙමෙන් කෙමෙන් තම ධාවන වේගය වැඩි කර ගන්නා පන්දු යවන්නා ප්රශස්ත උපරිම වේගයකට ළඟා වූ පසු සීමා ඉර (crease) මත හෝ ඊට පෙර පන්දුව අතින් නිකුත් කරන අතර එහි දී පන්දුවට ප්‍රවේගය සම්ප්‍රේෂණය වේ.
හිටපු කීර්තිමත් වේග පන්දු යවන්නෙකු වන ඔස්ටේ්රලියානු ජාතික Brett Lee පන්දු යැවීමේ දී සාමාන්‍යයෙන් පියවර 20ක පමණ අවතීර්ණ ධාවනයක යෙදෙන අතර ඔහුගේ සාමාන්‍ය වේගය පැයට කිලෝමීටර් 25ක් පමණ වේ. ඔහුට පැයට කිලෝමීටර් 160 ඉක්මවා පන්දු යැවිය හැකි ය. මෙලෙස මිනිස් ශරීරය මඟින් ධාවන වේගය මෙන් හය ගුණයක පමණ වේගයක් තත්පර කිහිපයක් ඇතුළත පන්දුවට ලබා දෙන්නේ කෙසේ ද?
අවතීර්ණ ධාවනය නිසා පන්දු යවන්නා ඉහළ ගම්‍යතාවක් (ස්කන්ධය ඥා ප්‍රවේගය) ජනිත කර ගන්නා අතර පන්දුව අතින් නිකුත් කරන මොහොතේ ඔහු විසින් ඉදිරි පාදය ඍජු ව හා ස්ථාවර අයුරින් සීමා ඉර මත තබනු ලබයි. මෙමඟින් වේගවත් ධාවනයෙන් අත් කර ගත් ඉහළ ගම්‍යතාව පොළොවට ලම්බක ව උඩු අතට සම්ප්‍රේෂණය කිරීම ඔහු අපේක්ෂා කරයි.
ස්කන්ධයන් ක්‍රමයෙන් අඩු වන ලෙස සැකසූ එල්ලන ලද ලෝහ ගෝල සවි කළ සැකසුමක් (Tapered Newton’s cradle) සලකා බලමු. එහි වම් පස කෙළවරේ ඇති විශාල ස්කන්ධයට කුඩා විස්ථාපනයක් දී අත හැරි විට ක්‍රමයෙන් ගම්‍යතාව සම්ප්‍රේෂණය වී දකුණු පස කෙළවරේ ඇති කුඩා ස්කන්ධය ඉහළ ප්‍රවේගයකින් ඉවතට ගමන් කිරීම නිරීක්ෂණය කළ හැකි ය. පන්දු යවන්නෙකු වේගවත් ධාවනයක යෙදී පන්දුව නිකුත් කිරීමේ දී ද ඔහුගේ මාංශ පේශිවල සිදු වන්නේ මේ ආකාරයේ ගම්‍යතා සම්ප්‍රේෂණයකි. (රූපය 1) මෙහි දී එම ගම්‍යතාව පාදයේ ඇති මාංශ පේශි, උකුල ප්‍රදේශය, කවන්ධය (torso) වැනි විශාල මාංශ පේශින් හරහා සම්ප්‍රේෂණය වන අතර ඉන් පසු සාපේක්ෂ ව කුඩා මාංශ පේශි වන උරබාහු, වැළමිට සහ මැණික් කටුව ඔස්සේ සම්ප්‍රේෂණය වී ඉතා වේගවත් පන්දුවක් අතින් නිකුත් කිරීමේ හැකියාවක් ක්‍රීඩකයාට ලැබේ. මින් පැහැදිලි වන කාරණය නම් ක්‍රීඩකයාගේ පාදාන්තයේ සිට අතෙහි ඇඟිලි තුඩ දක්වා පවතින මාංශ පේශිවල නිසි චාලක සම්බන්ධ දාමය (Kinetic link chain) වේග පන්දුවෙහි සාර්ථකත්වයට ඍජු ව ම බලපාන බවයි.
වර්තමාන ක්‍රිකට් ක්‍රීඩාවේ ඉතා සාර්ථක සහ විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ඉන්දියානු කණ්ඩායමෙහි Jasprit Bumrah පියවර 14ක පමණ ධාවනයක් පවත්වා ගන්නා ක්‍රීඩකයෙකි.
Brett Lee වැන්නවුන්ට සාපේක්ෂ ව තරමක් කුඩා ධාවනයක් සිදු කළත් Jasprit Bumrah පැයට කිලෝමීටර් 153.2ක සාමාන්‍ය වේගයකින් යුතු ව පන්දු යවයි. ඔහු ගෙන් ඔහුගේ කෙටි ධාවනය ගැන විමසූ විට, කුඩා කල ඔහුගේ ගේ මිදුලේ සෙල්ලම් කරමින් ඔහු ලද පන්නරය සිහි කැඳවමින් ඔහුගේ පිළිතුර වී ඇත්තේ, “ගෙවත්තේ ක්‍රීඩා කරන විට ඔබට ලබා ගත හැකි දීර්ඝතම ධාවන දුර මෙයයි, (This was the longest run-up you could have while playing at the backyard)” යන්න වේ. එය එසේ නම් ඔහුට මේ වේගය ලැබුණේ කෙසේ ද?
වේග පන්දුවක ඉහළ වේගයට බලපාන තවත් සාධකයක් නම් ක්‍රීඩකයාගේ පන්දුව නිකුත් කරන අත වේගයෙන් භ්‍රමණය කිරීමේ හැකියාවයි.
Bumrahගේ පන්දු යවන ආකාරය නිරීක්ෂණය කරන විට ඔහුගේ පන්දු යවන අත හසුරුවන ආකාරය අනෙක් වේග පන්දු යවන්නන්ට වඩා වෙනස් ඉරියව්වක් බව නිරීක්ෂණය කළ හැකි ය. Jasprit Bumrah පන්දු යවන විට වේගයෙන් අත භ්‍රමණය කරවයි. මේ නිසා ඇති වන ඉහළ කෝණික ප්‍රවේගය පන්දුව විසින් අත් කර ගන්නා අතර පන්දුව අතින් ගිලිහීමේ දී ඉහළ රේඛීය ප්‍රවේගයක් සහිත ව පන්දු යවන්නාගේ අතින් පන්දුව නිකුත් වේ. (රූපය 2)
ඉතා සැහැල්ලු පෙර ධාවනයක් සහ සාමාන්‍ය අත කැරකැවීම වේගයක් සහිත ව වුවත් 154.65 kmh ක සාමාන්‍ය වේගයක් සහිත ව පන්දු යවන Jofra Archer සලකමු. ඔහු පන්දු යවන විට ඔහුගේ අත පවතින්නේ ඉතා ඍජු සහ පොළොවට ආසන්න වශයෙන් ලම්බක ආනතියකයි. මෙලෙස ඔහු විසින් පවත්වා ගැනෙනා උරහිස සහ මැණික් කටුව අතර උපරිම දුර ඔහුගේ පන්දුව අතින් නිදහස් වීමේ වේගයට උපකාරී වන ප්‍රධාන කාරණයකි. (රූපය 3). මේ ආකාරයෙන් ම අත ඍජු ව පන්දු යැවීමේ වාසිය යොදා ගන්නා තවත් ක්‍රීඩකයකු ලෙස පන්දු යැවීමේ දී තරමක් තිරස් තලයක වුවත් උපරිම අතෙහි දිගුවක් පවත්වා ගන්නා ලසිත් මාලිංග ද නම් කළ හැකි ය.
මීට අමතර ව පන්දු යවන අතෙහි මැණික් කටුවෙහි (Wrist) අමතර නිදහස් චලනය ද පන්දුවේ වේගවත් බවට උපයෝගී වන තවත් සාධකයකි. වර්තමානයේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගෙන් Shaheen Afridi යනු නිසගයෙන් ම මේ ගුණාංගය පිහිටා ඇති ක්‍රීඩකයෙකු බව ඔහුගේ පන්දු යැවීම නිරීක්ෂණයෙන් හඳුනා ගත හැකි ය.
මීට අමතරව වේග පන්දු යවන්නකු සතු අවි ආයුධ කිහිපයක් වෙයි. ඔහු වේගය ප්‍රධාන කර ගෙන අතින් පන්දුව නිදහස් කළ ද, ඉන් පසුව අවකාශය තුළ පන්දුවේ ගමන් පථය සහ පන්දුව තණතීරුව මත පතිත කරවන ස්ථානය වෙනස් කරවමින් ඔහු මේ අවි ආයුධ නොහොත් වෙනස් පන්දු ප්‍රභේද (Variations) භාවිත කරයි. දෝලන පන්දු (Swing bowling), කෙටි පන්දු (Short ball), යෝකර් පන්දු සහ මඳ වේග පන්දු (Slow ball) මින් කිහිපයකි.
පන්දු දෝලනය
මේ අතරින් දෝලන පන්දු ඉතා සුවිශේෂී පන්දු විශේෂයකි. පන්දු යවන්නාගේ අතින් ගිලිහෙන පන්දුව, ගුවනේ දී විස්මය දනවමින් දෝලනය වී පිතිකරුවා මායාවකට හසු කර ඔහුව පන්දුවේ පථය පිළිබඳ මුළාවේ හෙළීමට මේ පන්දු සමත් ය. තරල ගති විද්‍යාවේ මූලික සිද්ධාන්ත හරහා මෙලෙස පිතිකරුවා අසරණ කරන දෝලන පන්දු ගැන විමසා බලමු.
තරගය අතරතුර සැම විට ම පන්දු යවන කණ්ඩායමේ ක්‍රීඩකයන් තදින් පිරිමැදීම වැනි විවිධ ක්‍රම ඔස්සේ පන්දුවේ එක් පැත්තක් සුමට කිරීමට කටයුතු කරන බව තරග නරඹන ඔබ දැක ඇති. එවිට පන්දුවේ එක් පැත්තක් සුමට වන අතර අනෙක් පැත්ත සාපේක්ෂ ව රළු භාවයට නැඹුරු වේ. මේ ආකාරයට සැකසෙන පන්දුව, පන්දු යවන්නන් විසින් පන්දුවේ මැද මැහුම් දාරය හෙවත් සීමය (Seam) ඍජු ව සිටින පරිදි අවකාශයට නිදහස් කෙරෙයි. එවිට පන්දුව කපා ගෙන යන වාත ප්‍රවාහය (සියුම් වාත ස්තරය – Boundary Layer) සීමය දෙපසට සමාන ව බෙදී ගමන් කිරීම සිදු වේ. මේ අවස්ථාවේ දී පන්දුවේ සුමට පෘෂ්ඨය දෙසින් ගමන් කරන වාත ප්‍රවාහය අනාකූල, සුමට ප්‍රවාහයක් වන අතර රළු පසින් ගමන් කරන වාත ප්‍රවාහය කැළැඹිලි සහගත ආකාරයක් ගනියි. මෙහි දී පන්දුවේ සුමට පෙදෙසෙහි අනාකූල ප්‍රවාහය ක්‍රමානුකූලව කලින් පන්දු පෘෂ්ඨයෙන් ඉවත් වන අතර, රළු පෙදෙසෙහි වාත ප්රවාහයේ ඇති කැළැඹිලි සහගත භාවය වාත ස්තරය වෙන් වීම මඳක් පමා කරවයි. මේ වාත ස්තරය වෙන් කිරීමේ ලක්ෂ්‍යයේ (sepaeration point) පිහිටීම පන්දුව මත වායු පීඩනය තීරණය කෙරෙන අතර මේ හේතුව නිසා සාපේක්ෂ ව අඩු පීඩනයක් රළු පෘෂ්ඨය මත යෙදේ. මේ සංසිද්ධිය නිසා රළු පෘෂ්ඨය යොමු වී ඇති දෙසට පන්දුවේ දෝලනයක් ඇති වීම නිරීක්ෂණය කළ හැකි ය. (රූපය 4)
උදාහරණයක් ලෙස දකුණත් පිතිකරුවකු පන්දුවට පහර දෙන අවස්ථාවක් සලකමු. මෙවැනි අවස්ථාවක වේග පන්දු යවන්නා පන්දුවේ රළු පැත්ත වමට සිටින ආකාරයෙන් පන්දුව නිකුත් කළ හොත් පන්දුව පිතිකරුවා ගෙන් ඉවතට දෝලනය වීම සිදු වන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ දී මෙය අවුට් ස්වින්ග් (Out swing) පන්දුවක් ලෙස හැඳින්වේ. ඒ ආකාරයෙන් ම පිතිකරුවා දෙසට දෝලනය වන ආකාරයේ ඉන් ස්වින්ග් (In swing) පන්දුවක් යැවීමට අවශ්‍ය නම් පන්දු යවන්නා රළු පැත්ත දකුණින් පිහිටන ආකාරයට පන්දුව නිකුත් කිරීම සිදු කරයි.
එය එසේ වුවත් පන්දු යවන්නන්ට අනුව හොඳින් ම දෝලනය සිදු කළ හැක්කේ පැති දෙක ම සුමට අලුත් පන්දුවයි. අලුත් පන්දුව සීමය ඍජු ව නිදහස් කළ විට පන්දුව වටා වාත ස්තරය සමමිතික ව ගමන් කරන අතර කිසිදු දෝලනයක් එහි දක්නට නො ලැබේ. එහෙත් නව පන්දුවෙන් පන්දු යවන ක්‍රීඩකයන් පන්දුවේ දෝලනය අවශ්‍ය වූ විට සිදු කරන්නේ සීමය පාර්ශ්වික ව තරමක් ආනත වන පරිදි පන්දුව යොමු කිරීමයි. මේ අවස්ථාවේ දී සීමය හැරුණු පස වාත ස්තරය කැළැඹිලි සහගත වන අතර අනෙක් පස වාත ස්තරය සාමාන්‍ය අනාකූල ස්වභාවයක් ගනියි. මෙහි දී ද එබැවින් පීඩන අන්තරයක් ඔස්සේ සීමය හැරුණු දෙසට බලයක් ජනිත වීමෙන් පන්දුවේ දෝලනයක් ලබා ගත හැකි ය. ආරම්භක වේග පන්දු යවන්නන් මේ ආකාරයට සීමයෙහි ඇලය සහ ඇලයේ දිශාව වෙනස් කරමින් ඉන් ස්වින්ග් හා අවුට් ස්වින්ග් පන්දු, මුල් පෙළ පිතිකරුවන් අසරණ කරමින් මුල් ඕවර කීපය තුළ යොමු කිරීමට සමත් ය.
රිවර්ස් ස්වින්ග්
තරගය ආරම්භ වී යම් කාලයක් ගත වූ පසු පන්දුව පරණ වීම සිදු වේ. මේ අවස්ථාවේ දී සාමාන්‍ය පරිදි පන්දුව දෝලනය කිරීමට යම් අපහසුවක් පවතී. එබැවින් මෙවැනි අවස්ථාවල වේග පන්දු යවන්නන් භාවිත කරන උපාය මාර්ගයක් ලෙස රිවර්ස් ස්වින්ග්/පිලි දෝලන (Reverse swing) පන්දුව සැලකිය හැකි ය. මෙහි දී පන්දු රකින කණ්ඩායම සැම විට ම පන්දුවේ එක් පැත්තක් හැකි තරම් රළු කර ගැනීමට උත්සාහ කරයි. දැන් මේ පරණ පන්දුවේ දෙපස ම රළු භාවයෙන් යුක්ත අතර එක් පැත්තක් සාපේක්ෂ ව වැඩි වශයෙන් රළු වී ඇත. පෙර පරිදි ම මේ අවස්ථාවේ දී ද පන්දු යවන්නා විසින් නිකුත් කෙරෙන පන්දුව වාතයේ ගමන් කරන විට සීමය දෙපසට වාත ස්තරය සමාන ව බෙදෙන අතර දැන් සිදු වී ඇති වෙනස නම් පන්දුව දෙපැත්තේ ම වාත ස්තරය කැළැඹිලි සහගත අනාකූල නො වන ස්වභාවයක් ගැනීමයි. එහෙත් පන්දු යවන කණ්ඩායම විසින් සාපේක්ෂ ව වැඩි වශයෙන් එක් පැත්තක් රළු කර ඇති බැවින් ඒ පැත්තේ කැළැඹිලි සහගත වායු ස්තරය අනෙක් පසට සාපේක්ෂ ව වැඩි ඝනකමක් සහිත වේ. එම නිසා එම පැත්තේ වාත ප්‍රවාහය ඉවත් වීමේ ලක්ෂය කලින් එළඹෙන අතර මෙහි ප්‍රතිඵලයක් වශයෙන් පන්දුවේ, සාපේක්ෂ ව රළු භාවය අඩු දෙසට බලයක් ක්‍රියාත්මක වේ. එලෙස සාමාන්‍ය දෝලන පන්දුවෙහි (Conventional swing) සිදු වන ක්‍රියාකාරිත්වයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාකාරිත්වයක් මේ අවස්ථාවේ පරණ පන්දුවේ දක්නට ලැබෙන අතර එම විෂම භාවය නිසා මේ ආකාරයෙන් යවන පන්දු රිවර්ස් ස්වින්ග් පන්දු ලෙස හැඳින්වේ. (රූපය 5)
පාකිස්තානයේ හිටපු අග්‍රගණ්‍ය වේග පන්දු යවන්නෙකු වන වසීම් අක්රම් සඳහන් කරන අන්දමට ඔවුන් කුඩා කාලයේ රිවර්ස් ස්වින්ග් පන්දු යැවීමට භාවිත කර ඇත්තේ පැති දෙකක් සලකා අසමාන ලෙස ටේප්වලින් ඔතන ලද ටෙනිස් පන්දුවකි. අන්තර්ජාතික ක්‍රිකට් සඳහා මුල් වරට රිවර්ස් ස්වින්ග් පන්දු යැවීම හඳුන්වා දෙනු ලබන්නේ පකිස්තානු කණ්ඩායම විසිනි. 1970 දශකයේ මුල් භාගයෙහි සියල්ලන් ම මවිත කළ මේ පන්දු යැවීම නිසා ඇතැමෙකු විසින් සිදු කරන ලද ‘නීති විරෝධී පන්දු පළුදු කිරීම’ චෝදනාවලට ලක් වීමට පාකිස්තාන කණ්ඩායමට සිදු විය.
යෝකර්
වේග පන්දු යවන්නන් සතු තවත් ඉතා ප්‍රබල අවියක් ලෙස යෝකර් පන්දුව නම් කළ හැකි ය. පිතිකරුගේ පා ඇඟිලි ආසන්නයේ පතිත වන මේ පන්දු බොහෝ විට පිතිකරුගේ ප්‍රතික්‍රියා කිරීමේ ඇති සුළු පසුබෑම තවත් එක් දවා ගැනීමක් ලෙස පරිවර්තනය කර දීමට සමත් ය.
පන්දු යවන්නා පන්දුවක් නිදහස් කළ පසු එහි ඇති ප්‍රවේගය නිසා පන්දුව චාලක ශක්තියක් සහිත වේ. වාතයේ ගමන් කරන විට වාත ප්‍රතිරෝධය නිසා සිදු වන ශක්ති හානිය හරහා පන්දුවේ 12%ක පමණ වේග හානියක් සිදු වේ. ඉන් පසු පොළොවේ පතිත වීම නිසා ද පන්දුවේ ඉහළ වේග හානියක් සිදු වන අතර මේ නිසා පිත්ත වෙත පන්දුව ළඟා වන විට එහි ඇත්තේ නිකුත් කළ ප්‍රවේගයට සාපේක්ෂ ව අඩු ප්රවේගයකි. එහෙත් යෝකර් පන්දුවක් සැලකුව හොත් පිතිකරුවාට ළඟා වන විට පන්දුවේ වේග හානිය සිදු වී ඇත්තේ වාත ප්‍රතිරෝධය නිසා පමණි. පිතිකරුගේ පාදාන්තය ආසන්නයේ දී පන්දුව පොළොවේ ගැටුණත් පන්දුව පැමිණෙන ඉහළ ප්‍රවේගය හමුවේ ක්‍රීඩකයාට එහි වාසිය ලබා ගැනීමට බොහෝ අපහසු ය. මීට අමතර ව යෝකර් පන්දුව වඩා පහළින් පැමිණෙන විට ද පිතිකරුවාගේ මූලික ඉරියව්ව අනුව ඊට මුහුණ දීමට අපහසුතාවක් පවතී. එහෙත් යෝකර් පන්දුව කෙතරම් ප්‍රබල වුවත් මීට සාර්ථක ව මුහුණ දීමට දක්ෂ පිතිකරුවෝ ඇතැම් ක්‍රම භාවිත කරති. විශේෂයෙන් ම පෙර පාදයට පැමිණ නිසි වෙලාවේ දී එල්ල කරන පහරවල් යෝකර් පන්දුවට සාර්ථක පිළියමක් වන අතර Andre Russell වැනි ක්‍රීඩකයන් යෝකර් පන්දුවලට හයේ පහරවල් පවා එල්ල කිරීමට උපන් හපන් ක්‍රීඩකයන් ය.
ලසිත් මාලිංග
වේග පන්දු ගැන සඳහන් කරන විට ‘වේග පන්දුවේ ශ්‍රී ලාංකික සන්නාමය’ – ලසිත් මාලිංග ගැන සඳහන් කළ යුතු ම වන්නේ ය. ඔහුට මුහුණ දුන් සියලු ම පිතිකරුවන් හට ලසිත් මාලිංග යනු ලෙහෙසි පහසු අභියෝගයක් නො වූ බව අතිශයෝක්තියක් නො වේ.
දශක ගණනක් පුරාවට සාම්ප්‍රදායික වේග පන්දුවේ දෝලනය පන්දුවේ තත්ත්වය මත අනවශ්‍ය ප්‍රමාණයට රඳා පවතින්නක් විය. අලුත් පන්දුවෙන් සාමාන්‍ය දෝලන පන්දුව සහ පන්දුව පරණ වන විට රිවර්ස් ස්වින්ග් ලෙස පන්දුවේ තත්ත්වය මත දෝලනය තීරණය විය. එහෙත් ලසිත් මාලිංගගේ සුවිශේෂී ඉරියව්ව නිසා පන්දුවේ තත්ත්වය මත රඳා නො පැවතී වාත අවකාශය තුළ පන්දුවේ පථයේ මායාකාරී වක්‍ර වීමක් (Curl) ලබා ගැනීමට ඔහුට හැකි ය. විශේෂයෙන් පන්දුව පරණ වීමේ දී දිගින් දිගට ම ඝට්ටන සිදු වීම නිසා පන්දුවේ සීමය පැතැලි වීම සිදු වන අතර එවිට වාත ස්තරය දෙපසට යෑම අවම වීම නිසා සාමාන්‍ය වේග පන්දු යවන්නන්ට පන්දුව දෝලනය කිරීම අපහසු වීම සිදු වේ. ලසිත් මාලිංගගේ පන්දු මේ තත්ත්ව යටතේ රඳා නො පවතින අතර එහි පසු පස ඇත්තේ වෙනස් සිද්ධාන්තයකි.
තිරසට අංශක කිහිපයක් ඉහළින් අත පිහිටුවා ලසිත් මාලිංග සිය සාමාන්‍ය ඉරියව්වෙන් පන්දුව නිදහස් කළ විට පන්දුවේ සීමය පොළොවට ආසන්න වශයෙන් සමාන්තර ව පවතින පරිදි පන්දුව දක්ෂිණාවර්ත ව භ්‍රමණය වෙමින් ගමන් ගන්නා අයුරු ඔබ විශාලනය කරන ලද මන්ද චලන පුනරූපණවලින් දැක ඇති. මෙලෙස පන්දුව වාතය හරහා ගමන් කරන විට පන්දුවේ දකුණු පස වායු ස්තරය පන්දුවේ භ්‍රමණයත් සමග සාපේක්ෂ ව ඉහළ වේගයකින් ගමන් කරන අතර වම් පස පන්දුවේ භ්‍රමණයට විරුද්ධ ව වායු ස්තරය සාපේක්ෂ ව හෙමින් බාධා සහිත ව ගමන් කරයි. එම නිසා පන්දුවේ වම් පස ඉහළ වායු පීඩනයක් ජනිත වන අතර දකුණු පස පහළ වායු පීඩනයක් සහිත වේ. මේ පීඩන අන්තරය නිසා ඇති වන බලය හේතුවෙන් පන්දුව දකුණු පසට අපගමනයක් පෙන්වයි. මේ සංසිද්ධිය මැග්නස් ආචරණය ලෙසින් ද හැඳින්වේ. මේ හේතුවෙන් පන්දුවේ තත්ත්වය මත රඳා නො පැවතී අවශ්‍ය දෝලනය ලබා ගැනීමටත් එලෙස දෝලනය කරමින් එල්ල කරන යෝකර් පන්දු හමුවේ පිතිකරුවන් දණින් වැට්ට වීමටත් ලසිත් මාලිංගට හැකියාව පවතී. (රූපය 6)
ක්‍රිකට් ක්‍රීඩාව තුළ පැතිකඩ, අංශ රාශියක් පවතින අතර ඒ සියල්ලගේ ම වාගේ ඇත්තේ ඉතා සිත් ඇද ගන්නා සුලු භෞතික විද්‍යාත්මක යෙදීම් වේ. වර්තමානය වන විට ඒ සියල්ල ම වගේ හඳුනා ගෙන ඇති අතර දැන් බොහෝ විට ක්‍රීඩාවේ තරගාකාරිත්වය සහ ක්‍රීඩක කුසලතා මීළඟ තලය දක්වා ඔසවා තැබීමට එම විද්‍යාත්මක හඳුනා ගැනීම් ප්‍රායෝගික ව යොදා ගැනීම සිදු වේ.
මොකක් ද මේ බුද්ධි ඵලය?
December 12, 2022
එංගලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දස හැවිරිදි දැරියක් බුද්ධි ඵලය අතින් මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ට ද වඩා ඉහළ අගයක් පෙන්වා ඇති බව ලැබූ දා වාර්තා වූ විශේෂිත තත්ත්වය සාමාන්‍යයෙන් අයින්ස්ටයින්ගේ බුද්ධි ඵලය 160 බව පිළිගැනෙන අතර ඉහත සඳහන් දැරිය 162ක බුද්ධි ඵලයක් පෙන්වා ඇති බව වාර්තාවල දැක්වුණි.
විදුසරෙහි මෙම සටහන බුද්ධි ඵලය සහ එහි විද්‍යාත්මක පසුබිම සම්බන්ධයෙන් කෙටි විමසුමකි.
ඉංග්‍රීසි බසින් intelligence Quotient නමින් හඳුන්වන බුද්ධි ඵලය IQ යන අකුරු දෙකෙන් කෙටියෙන් නිරූපනය කෙරේ.
කෙනෙක් ගෙ බුද්ධි ඵලය ලෙස ලබාගන්න සංඛ්‍යාත්මක අගය මානව බුද්ධිය තක්සේරු කිරීම පිණිස සැකසුම් කර තිබෙන සම්මත පරීක්ෂණ මාලාවකට ලබා දෙන නිවැරදි පිළිතුරු අනුව නිශ්චය කරනු ලබන සංඛ්‍යාවක් වේ.
බුද්ධි ඵලය ගණනය කරන්නේ කෙසේද?
බුද්ධි ඵලය ලබා ගන්නා පුද්ගලයෙකුගේ මානසික වයස (mental age) ඔහුගේ හෝ ඇයගේ කාලානුක්රම වයසට (chronological age) දරණ අනුපාතය 100න් ගුණ කිරීමෙනි.
කාලානුක්රම වෛරස යනු කෙනෙකු තම උපතේ සිට මේ දක්වා ජීවත් වී තිබෙන කාලයයි. වෙනත් අයුරකින් කිවහොත් එය කෙනෙකුගේ උප්පැන්න සහතිකයට අනුව ඒඅය පෙන්වන වයස වේ. එහෙත් කෙනෙකුගේ මානසික වයසඒ අයගේ බුද්ධිමත් භාවය මත රඳා පවතින සංකල්පයක් වෙයි. කෙසේ වෙතත් මානසික වයස කෙනෙකුගේ බුද්ධියෙහි මැනීමට ලක්කෙරෙන ස්වරූපය මත රඳා පවතී. නිදසුනක් ලෙස දරුවෙකුගේ බුද්ධිමය වයස ඔවුන්ගේ නියම වයසෙහි අගයක් විය හැකි ය. එහෙත් එම දරුවාගේ චිත්තවේගීය බුද්ධිමත් භාවය ඔවුන්ගේ කායික වයසට සාපේක්ෂව නොමේරූ මට්ටමක තිබිය හැකිය.
මනෝ විද්‍යාඥයින් බොහෝ විට පෙන්වා දෙන කරුණක් නම් වැඩි විය ට පත් වන එනම් ලිංගිකව පරිණතයට එළඹෙන වයසේදී ගැහැණු ළමුන් පිරිමි ළමුන්ට වඩා චිත්තවේගීය වශයෙන් පරිණත වන බවය.
බුද්ධි ඵලය (IQ) යන්න පළමුවරට හඳුන්වා දෙනු ලැබුවේ 1912 වසරේ දී ජර්මන් ජාතික මනෝ විද්‍යාඥයකු හා දාර්ශනිකයෙකු වූ විලියම් ස්ටර්න් විසින් එම බසින් ලියන ලද කෘතියක් මගිනි.
බුද්ධි ඵලය ලබා දෙන සූත්‍රයට අනුව කෙනෙකුගේ මානසික වයස ඔහුගේ කාලානුක්රම වයසට සමාන අගයක් ගන්නා විට ඔහුගේ බුද්ධි ඵලය 100% ක් වේ.
නිදසුනක් ලෙස කාලානුක්රම වයස වසර දහයක් වන අයකුගේ මානසික වයසද වසර 10ක් නම් ඒ අයගේ බුද්ධි ඵලය 100ක් වේ. එහෙත් කෙනෙකුගේ මානසික වයස ඒ අයගේ කාලානුක්රම වයසට වඩා වැඩි අගයක පවතින විට බුද්ධි ඵලය 100ට වඩා වැඩි වේගයක් ගනි. අනික් අතට කෙනෙකුගේ මානසික වයස කාලානුක්රම වයස ට වඩා අඩු අගයක් ගන්නා විට ප්‍රතිඵලය 100ට වඩා අඩු අගයක් ගනී.
නිදසුනක් ලෙස ඉහත සඳහන් කළ දැරියගේ කාලානුක්රම වයස වසර 10ක් නිසා ඇයගේ මානසික වයස 16.2 ක් බව පර්යේෂණ මගින් සොයාගෙන තිබිය යුතුය.
සැබවින් බුද්ධි ඵලය යනු කෙනෙකුගේ තර්කනයේ සහ ගැටළු විසඳීමේ හැකියාව මනිනු ලබන මිනුමක් වේ. එමගින් ඔබේ වයස් කාණ්ඩයේ අනෙක් අය සමග සසඳන විට නිශ්චිත පරීක්ෂණයකින් ඔබ කෙතරම් හොඳින් ප්‍රතිචාර දක්වා තිබේද යන්න පිළිබිඹු කෙරේ.
මිනිස් ජනගහනය තුළ බුද්ධි ඵලය සඳහා විවිධ අගයන් ලබා ගන්නා අයගේ සංඛ්‍යාව ප්‍රස්ථාර ගත කළ විට ලැබෙන ප්‍රස්ථාරයේ හැඩය අනුව එය හඳුන්වනු ලබන්නේ සීනු චක්‍රය (Bell curve) නමිනි.
බුද්ධි ඵලය සොයා ගැනීම සඳහා සිදුකෙරෙන පර්යේෂණ විවිධාකාර වුවද එවැනි බොහෝ පර්යේෂණ වලින් ජනගහනයේ වැඩිම සංඛ්‍යාවක් පෙන්වන සාමාන්‍ය බුද්ධි ඵලයේ අගය 100ක් වේ. ඉහත ප්‍රස්ථාරයට අනුව ජනගහනයෙන් සියයට හැට අටක් බුද්ධි ඵලයෙහි අගය 65%ක් සහ 115 අතර වෙති.
ඉන් අදහස් වන්නේ සියලු මිනිසුන්ගෙන් 70% කට ආසන්න සංඛ්‍යාවක් බුද්ධි ඵලයේ සාමාන්‍ය අගය වන 100ට වඩා ලකුණු 15කින් අඩු අගයත් , ලකුණු 15 කින් වැඩි අගයත් අතර බුද්ධි ඵලයක් පෙන්වන බව ය.
බුද්ධි ඵලය 70 හෝ එයට වඩා අඩුවන විට එය ඉතා අඩු බුද්ධි ඵලයක් ලෙස පිළිගැනේ. එවැනි අයෙකු බුද්ධිමය දුබලතාවයකින් පෙළෙන කෙනෙකු ලෙස සලකුණු ලබයි. බුද්ධි ඵලය 130 ට වඩා වැඩි කෙනෙකු අසාමාන්‍ය බුද්ධිමය ප්‍රතිභාවක් පෙන්නන කෙනෙකු (Genius) ලෙස හැඳින්වේ. ඇල්බට් අයින්ස්ටයින් බුද්ධි ඵලය සෙවීමේ පරීක්ෂණයකට පෙනී සිටි බවට කිසිදු සාක්ෂියක් සොයා ගත නොහැකි වුවද ඔහුගේ බුද්ධි තලය 160 අවට අගයක පැවති බවට නිර්මාණය කර තිබේ. ඒ නිසා එය අනුමාන අගයක් පමණි.
සීනු වක්‍රයට අනුව මෙන්න ජනගහනය තුළ බුද්ධි ඵලය සඳහා ලබාගෙන ඇති සියළු අංගයන්ගෙන් 95% ක්ම 70 සහ 130 අතර බුද්ධි ඵලය පෙන්වති. මෙම සම්මත අපගමන අගයන් දෙකට ඔබ්බෙන් සිටින සංඛ්‍යාව ජනගහණයෙන් සුළු ප්‍රතිශතයක් වන අතර ඔවුන්ගෙන් කොටසක් 70 ට වඩා අඩු එනිසාම ඉතා පහත් බුද්ධි ඵලයක් ද, අනික් කොටස 130 ට වඩා වැඩි ඉතා ඉහල බුද්ධි ඵලයක් ද පෙන්වති.
බුද්ධි ඵලය ගණනය කරන්නේ කෙසේද?
ඉතිහාසය පුරා බුද්ධි ඵලය ගණනය කිරීමට භාවිතා කරනු ලබන ක්‍රම දෙකක් වේ. ඉන් පළමු ක්‍රමයේදී කලින් සඳහන් කර ඇති අන්දමට මානසික වයස කාලානුක්රම වයසසෙන් බෙදා ලැබෙන අගය 100න් ගුණ කිරීමෙන් බුද්ධි ඵලය ලබා ගැනේ. අනෙක් ක්‍රම වල දී කෙනෙකුගේ සමවයස් කණ්ඩායමේ අනෙක් අය ලබාගෙන තිබෙන අගයන් සමග සැසදීමෙන් බුද්ධි ඵලය ගණනය කරනු ලැබේ.
බුද්ධි ඵලය මැනීමේ පරීක්ෂණ
බුද්ධියේ ස්වරූප දෙකක් මැන ගැනීම අරමුණු කරගෙන බුද්ධි ඵලය මැනීමේ පර්යේෂණ සැලසුම් කර තිබේ. බුද්ධියේ එම ස්වරූප හඳුන්වනු ලබන්නේ කැටි ගැසුණු (ස්ඵටිකමය) බුද්ධිය (crystallized intelligence) සහ අනිස්ථිර (තරලමය) බුද්ධිය සිරිත් (fluid intelligence) යනුවෙනි.
කැටි ගැසුණු බුද්ධියට අයත් වන්නේ ඔබේ ජීවිත කාලය තුළ ඔබ ළඟ ලබාගෙන තිබෙන දැනුම සහ කුසලතාවයන් ය. එනිසාම කැටි ගැසුණු බුද්ධිය සෘජුවම දැනුම සහ අත්දැකීම් සමඟ සම්බන්ධව පවතින අතර කෙනෙකු වියපත් වීමත් සමඟ එය ද ක්‍රමයෙන් වර්ධනය වේ.
අනිස්ථිර බුද්ධිය යනු තර්ක කිරීමේ, ගැටලු විසදීමේ සහ වියුක්ත සංකල්ප සංජානනය කිරීමේ හැකියාවයි. මේ අනුව අනිස්ථිර බුද්ධිය කෙනෙකුගේ ඉගෙනුමෙන් සහ අත්දැකීම් වලින් පරිබාහිරව නිදහස්ව පවතින අතර එය වැඩිහිටි අවධියේ පසු කාලය වන විට ක්‍රමයෙන් අඩු වීමේ නැඹුරුවක් පෙන්වයි.
බුද්ධි ඵලය මැනීමේ පර්යේෂණ වරලත් මනෝවිද්‍යාඥයන් විසින් සකස් කර තිබෙන අතර ඒවාට විවිධ වර්ග වලට අයත් බුද්ධි පර්යේෂණ ඇතුළත් වේ. එම පර්යේෂණ මගින් ගණිතමය හැකියාවන්, භාෂා නිපුණතාවන්, මතකය, තර්කන කුසලතාවයන් සහ තොරතුරු හා දත්ත සැකසීමේ වේගය පරික්ෂා කෙරේ. මේ එක එකක් මැනීම සඳහා ඇති පර්යේෂණ මගින් ලැබෙන ලකුණු සංඛ්‍යාව එකතු කිරීමෙන් සමස්ත බුද්ධි ඵලය ගණනය කෙරේ.
අද දවසේ බෙහෙවින් භාවිතා වන ප්‍රතිඵලය මැනීමේ පරීක්ෂණ කිහිපයක් මෙහි දැක්වේ.
The wechsler Adult Intelligence Scale (වැඩිහිටියන් සඳහා)
The wechscler Intelligence Scale (ළමුන් සඳහා)
The Stanford- Binet Intelligence Scales
The Kaufman Assessment Battery (ළමුන් සඳහා)
The Cognitive Assessment System
The differential Ability Scales
The Woodcock-Johnson Tests of Cognitive Abilities
මිනිස්සුන්ගේ බුද්ධි ඵලය සඳහාලැබෙන අගයන් පසුගිය සියවස තුළ ලොව පුරා සමස්තයක් ලෙස ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින බව පැහැදිලිව පෙනී තිබේ. මෙම සංසිද්ධිය බුද්ධිය පිළිබඳ පර්යේෂකයෙකුව සිටිජේමිස් රොබට් ෆ්ලයින්ගේ නමින් ෆ්ලයින් ආචරණය (Flynn effect) නමින් හඳුන්වන අතර එම නම මුල් වරට එළි දක්වන ලද්දේ 1994 වසරේදී රිචඩ් හර්න්ස්ටයින් සහ චාල්ස් මරේ විසින් රචිත The bell curve නම් කෘතිය මගිනි.
ඉහළ බුද්ධි තලයක් ඇති පුද්ගලයින් සාමාජිකත්වය දරන සංවිධාන අතරෙන් විශාලතම හා පැරණිතම සංගමය වන්නේ ජාත්‍යන්තර මෙන් සංගමය (Mensa international). දැනට එහි සාමාජිකයින් ගණන 134, 000ක් පමණ වේ. අයින්ස්ටයින්ගෙන් පසුව බිහි වූ බුද්ධිමත්ම විද්‍යාඥයකු ලෙස සැලකෙන ඉංග්‍රීසි ජාතික සෛද්ධාන්තික භෞතික විද්‍යාඥ ස්ටීවන් හෝකින් ගැලීලියෝගේ මරණ සංවත්සරය යෙදෙන ජනවාරි 8 දිනයක උපත ලබා අයින්ස්ටයින්ගේ ජන්ම සංවත්සරය යෙදෙන මාර්තු 14 වෙනි දිනයක මිය ගියේය.
ඔහුගේ බුද්ධිමය ඵලය පිළිබඳව විමසූ විට ඔහු මෙසේ පැවසීය “මම ඒ ගැන දන්නේ නැහැ තමන්ගේ බුද්ධි ඵලය ගැන පුරසාරම් දෙඩුවා වැඩෙන මිනිස්සු පැරදුණු අයයි.”
පෘථිවිය හරහා අනෙක් කෙළවරට
November 1, 2022
මට අත්‍යවශ්‍ය කාරණාවක් සඳහා ඉක්වදෝරයට මඳක් නැඟෙනහිරින් පිහිටි පැසිෆික් සාගරයේ යම් ස්ථානයකට එනම් ලෝක ගෝලයේ හරියට මම සිටින ස්ථානයට (කොළඹ නගරයට) විරුද්ධ පසින් පිහිටා ඇති ස්ථානයට (Antipode) යෑමට අවශ්‍යයි. සාමාන්‍ය ගුවන් යානයකින් ගමන් කරන්නේ නම් සඳහා එහි යෑමට පමණක් මට ගත වන කාලය එක දවසකට වඩා වැඩියි.
මීට වඩා අඩු කාලයකින් මගේ ගමන සිදු කර නැවත කොළඹට පැමිණීමට වෙනත් ක්‍රමයක් යොදාගැනීමට තීරණය කරනවා. ඒ තමයි මම දැන් සිටගෙන සිටින ස්ථානයේ සිට හරි කෙළින් පහළට උමඟක් කපා ඒ ඔස්සේ තැනූ රේල් පාරක් මත දිවෙන යානයක් යොදාගෙන මගේ ගමන සිදු කර ගැනීම. සියල්ල නිවැරැදි ව සිදු වුණොත් පැයකටත් අඩු කාලෙකින් මට මගේ ගමනාන්තය කරා ළඟා විය හැකි වෙනවා.
මුලින් ම මම සිදු කළ යුත්තේ උමඟ කැණීමට පටන් ගැනීම. මේ සඳහා විශේෂ සහ විශිෂ්ට කැණීම් යන්ත්‍ර (Drilling machines) මම යොදා ගන්නවා. ඒ වගේ ම ඉදිරියට මට මුහුණ දීමට සිදු වන දැඩි උෂ්ණත්වය සහ අධික පීඩනයට ඔරොත්තු දීමට මා සූදානම් විය යුතුයි.
මම ප්‍රථමයෙන් ගමන් කළ යුතු වන්නේ මුළු පෘථිවියෙන් ම 1%ක පමණ කොටසක් අයත් කර ගන්නා පෘථිවි කබොල හරහායි. මේ කොටස තුළින් ගමන් කිරීම තරමක් පහසුයි. සමහර සාමාන්‍ය උමං මාර්ග පවා පිහිටා තිබෙන්නේ පෘථිවි පෘෂ්ඨය මට්ටමේ සිට මීටර් විස්සක් පමණ පහළින්. ඉන් එහාටත් සාගර පත්ල මට්ටමේ සිට කිලෝමීටර දෙක හමාරක් පමණ පහළින් මට හමු වෙනවා දැනට මිනිසා විසින් සොයා ගන්නා ලද ම පොළොවේ ගැඹුරින් ම පිහිටි ෆොසිල.
තව දුරටත් පහළට මා ගමන් කිරීමේ දී 3.6 kmක් පමණ ගැඹුරින් පෘථිවියේ දැනට සොයාගෙන ඇති පරිදි ගැඹුරින් ම වාසය කරන ජීවී කොට්ඨාසය වන Halicephalobus mephisto o Devil worms නැමැති පණුවන් වර්ගය මට දැක ගැනීමට හැකියි. දැන් කෙමෙන් කෙමෙන් උෂ්ණත්වය වැඩි වන ආකාරය මගේ සමට දැනෙනවා. දැනටමත් මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ක් පමණ. දකුණු අප්‍රිකාවේ Mponeng රත්රන් පතලේ, මෙවන් ගැඹුරක, මෙවන් උෂ්ණත්වයක දෛනික ව පතල් කර්මාන්තයේ යෙදෙන කම්කරුවන් පවා දැනට ලෝකයේ සිටිනවා.
දැන් මම කැණීම සිදු කර ඇති ගැඹුර 8.8 kmක්. එනම් මම දැනට එවරස්ට් කඳු මුදුන තරම් දුරක් පොළොවේ අභ්‍යන්තරයට පැමිණ ඇත. ලෝකයේ ස්වාභාවික ව ගැඹුරු ම ස්ථානය වන මරියානා ආගාධයේ ගැඹුර වන අඩි 36,037 පසු කරමින් මම මගේ ගමන ඉදිරියට ම යනවා. දැනට ලෝකයේ ගැඹුරුතම කැණීම සිදු කර ඇත්තේ 1970 දී සෝවියට් සමූහාණ්ඩුවේ විද්‍යාඥයන් විසින්.
ඔවුන් එම ව්‍යාපෘතිය යටතේ අඩි 40,230ක් පමණ ගැඹුරක් ගවේෂණය කොට ඇති අතර කණින ලද එම සිදුර Kola superdeep Borehole ලෙස හැඳින්වෙනවා.
පොළොවෙහි තව දුරටත් ගැඹුරට ගමන් කිරීමේ දී මට මෙතෙක් කල් නො විඳි වායුගෝල පීඩනයක් අත්විඳීමට සිදු වෙනවා. පොළොව මතුපිට දී වායුගෝලය මඟින් මගේ ශරීරය මත ඇති කළ පීඩනය වායුගෝල 1ක් (1.101 x 105 pa). එහෙත් දැන් පොළොවේ අභ්‍යන්තරයේ යම් දුරක් පැමිණ ඇති මට දැනෙන පීඩනය පොළොව මතුපිට පීඩනය මෙන් 4,000 ගුණයක්. දැන් මගේ ගමනේ පළමු අදියර අවසානයට ළං වෙලා. කාලයක් තිස්සේ දැඩි පීඩනයන්ට සහ උෂ්ණත්වයන්ට ලක් වුණු ඛනිජවලින් නිර්මිත ඉතා වටිනා මරකත, රූබී, නිල් මැණික් වැනි ඉතා වටිනා ඛනිජ හිතා ගන්න වත් බැරි ප්‍රමාණයක් මං වටා දැන් දක්නට ලැබෙනවා.
මම 40 kmක පමණ ගැඹුරක් එනම් ගමනේ පළමු අදියර ගෙවා අවසන්. මගේ ඊළඟ අභියෝගය තමයි පෘථිවි ප්‍රාවරය තරණය කිරීම. පෘථිවියේ පරිමාවෙන් 84%ක් පමණ මෙහි දී මා තරණය කළ යුතුයි. මම මේ ගමනේ දී වැඩි ම දුරක් ගමන් කළ යුත්තේ පෘථිවි ප්‍රාවරය හරහායි. පෘථිවි ප්‍රාවරයේ මුල් කොටස ඉතා ම දැඩි ඝන ස්වභාවයෙන් යුක්තයි. තරමක් ද්‍රව ලාවා ස්වභාවයෙන් යුතු පෙදෙසක් කරා ළඟා වීමට ප්‍රාවරය තුළින් මම ගමන් කළ යුතු දුර තවත් බොහෝයි. ප්‍රාවරය තුළින් මා ගමන් කළ යුතු ගැඹුර ආසන්න වශයෙන් 2,900 km. මේ කොටස තුළින් ගමන් කරන මට ඉතා විස්මයජනක සහ චමත්කාර දර්ශනයක් ලෙස විශාල දියමන්ති නිර්මාණය වීම දක්නට හැකියි. මේවා නිපදවෙන්නේ පෘථිවි ප්‍රාවරය තුළ ඇති විශාල පීඩනය සහ උෂ්ණත්වය යටතේ වන අතර ගිනිකඳු ආශ්රිත සංසිද්ධි මඟින් පෘථිවි මතුපිටට ළඟා වන දියමන්ති අප විසින් පෘථිවි මතුපිට ඇති දැඩි ම ද්‍රව්‍යය ලෙස හඳුනා ගනු ලබනවා. පෘථිවි ප්‍රාවරය තුළ දැනට මා පැමිණ ඇති දුර කිලෝමීටර් 410ක් පමණ වෙනවා. මට තවමත් මේ පෙදෙස දක්නට ලැබෙන්නේ ඉතා ම දැඩි ඝනකම් සහිත පෙදෙසක් ලෙසයි. එහෙත් මෙහි උෂ්ණත්වය ද්‍රව තත්ත්වයේ පවතින ලාවා තරම් ම ඉහළයි. මේ ඝනකමට හේතු වන්නේ මෙහි ඇති ඉතා ඉහළ පීඩනයයි. තවත් කිලෝමීටර් 1,000ක් පමණ ගැඹුරට යන විට ප්‍රාවරයේ පහළ කොටසේ ඇති mantle blobs යනුවෙන් හැඳින්වෙන සෙල්සියස් 3,000ටත් වඩා දැඩි උෂ්ණත්වයෙන් යුත් පාෂාණ පොදිවල දැඩි බලපෑමට මා ලක් වෙනවා.
කිලෝමීටර් 3,000ක් පමණ ගැඹුරක් ගෙවා පැමිණි පසු ව මා ගමනේ තුන් වැනි අදියරට ළඟා වෙනවා. යකඩ සහ නිකල්වලින් නිර්මාණය වූ මේ බාහිර හරයේ උෂ්ණත්ව පරාසය සෙල්සියස් අංශක 4,500-5,000 අතර වෙනවා. තවත් කිලෝමීටර් 2,000 පමණ ගෙවූ පසු, එනම් පෘථිවි පෘෂ්ඨයෙන් කිලෝමීටර 5100ක් පමණ ගැඹුරේ දී දැන් මා ළඟා වී ඇත්තේ පෘථිවියේ අභ්‍යන්තර හරයටයි. මේ ඉතා විශාල ද්‍රව යකඩ ගෝලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 5,200ක්. එමෙන් ම පීඩනය පෘථිවි මට්ටමේ දී මෙන් මිලියන 3.6 ගුණයක්. පෘථිවියේ හරි මැදට එනම් මගේ ගමනේ පළමු අර්ධයට ළඟා වූ පසු මට දැනෙන්නෙ පෙර කිසි දා නො විඳි සංවේදනයක්. දැන් මගේ බර, මගේ ශරීරය ස්කන්ධ කේන්ද්‍රයේ සිට සියලු දිශාවන්ට දක්වන්නෙ එක ම අගයක්. එවිට මට දැනෙන්නේ ශුන්‍ය ගුරුත්වයක්. දැන් මම ඉන්නේ පෘථිවියේ හරි මැද. තව ම මගේ පෘථිවිය හරහා උමඟ කැණීම අවසන් නැහැ. මෙතෙක් පැමිණි ගමන ම ඉතුරු අර්ධය හරහා ද සිදු කළ යුතුයි. එවිට මා මෙතෙක් විඳි සියලු දෑ ප්‍රතිවිරුද්ධ පිළිවෙළට නැවත අත්විඳීමට සිදු වෙනවා.
දැන් මම කොළඹ සිට ඊට හරි ප්‍රතිවිරුද්ධ ස්ථානයෙන් ලෝක ගෝලයේ පිහිටි ඉක්වදෝරය ආශ්රිත පැසිෆික් සාගරයේ අදාළ ස්ථානය දක්වා උමඟ කැණ අවසන්. දැන් කළ යුත්තේ මේ ගමන් මාර්ගය ඔස්සේ දීර්ඝ කාලීන ව ගමන් සිදු කිරීමට හොඳ ගමන් මාධ්‍යයක් සැකසීමයි.
මේ සඳහා මා අධිපීඩනයට සහ අධිඋෂ්ණත්වයන්ට ඔරොත්තු දිය හැකි මට්ටමේ අමු ද්‍රව්‍යවලින් උමඟේ අභ්‍යන්තර සහ බාහිර බිත්ති සකසනු ලබනවා. ඒ ඔස්සේ ඝර්ෂණයක් නැති වූ රේල් පාරක් සකසනවා. එමෙන් ම ඒ මත දිවෙන යානයට කිසිදු බාධකයක් හෝ ප්‍රතිවිරුද්ධ බලයක් නො යෙදීම සඳහා උමඟ ඇතුළත අංශුවලින් තොර රික්තයක් බවට පත් කිරීම ද සිදු කළ යුතුයි.
මේ විදිහට ලෝකයේ එක් කෙළවරක සිට අනෙක් කෙළවර යා කරන පොළොව අභ්‍යන්තරය හරහා උමඟ සෑදීමත් සමඟ මගේ ව්‍යාපෘතියේ අමාරු කොටස අවසන්. දැන් ඉතිරි වී ඇත්තේ මේ මාර්ගය දීර්ඝ කාලීන ව භාවිතයට ගැනීම. මේ මාර්ගයේ මගේ යානාවෙන් මට අවශ්‍ය ස්ථානයට යන්න කිසි ම බාහිර ශක්තියක්, යන්ත්‍රයක් අවශ්‍ය වන්නේ නැහැ. අපි මෙහි චලිතය ගැන සලකා බලමු.
උමඟ තුළින් ගමන ආරම්භ කිරීමේ දී යානයේ බර මූලික වශයෙන් පෘථිවි කේන්ද්‍රය දෙසට ක්‍රියා කරනවා. ඒ නිසා යානය නිශ්චලතාවෙන් ගමන ආරම්භ කරන්නේ පෘථිවි කේන්ද්‍රය දෙසට යොමු වූ ත්වරණයක් සහිතවයි. එලෙස ගමන් අරඹන පෘථිවි කේන්ද්‍රයේ දී සිය උපරිම ප්‍රවේගය අත් කර ගන්නවා. එම ප්‍රවේගය ආසන්න වශයෙන් පැයට සැතපුම් 25,000ක් පමණ වන අතර එය ශබ්දයේ වේගය මෙන් 32 ගුණයක්. ගමනේ දෙවැනි අදියර ආරම්භ කරමින් පෘථිවි කේන්ද්‍රය පසු කරන යානය මත දැන් බලය ක්‍රියා කරන්නේ යානයේ ගමන් දිශාවට ප්රතිවිරුද්ධවයි. එබැවින් යානය දැන් පත් වන්නේ ඒකාකාර මන්දනයකටයි. එලෙස ක්‍රමයෙන් මන්දනය වී යානය හරියට ම පෘථිවියේ අනෙක් පස කෙළවරට ළඟා වන විට ම නිශ්චලතාවට පත් වෙනවා. එලෙස ගමනාන්තයට ළඟා වූ පසු මට යානයෙන් බැස ගැනීමට යානය ගමනාන්තයේ රඳවා ගැනීමේ යාන්ත්‍රණයක් මා විසින් සකසාගත යුතුයි. නැත හොත් මේ යානය මත ක්‍රියා කරන ගුරුත්වාකර්ෂණ බලය නිසා එය රඳවා ගැනීමට නො හැකි නම් ආපසු ගමන් මාර්ගයේ මුල් කෙළවර වෙත කඩා වැටෙනවා. මේ අන්දමින් කිසියම් හෝ ගමනාන්තයක දී එය රඳවා නො ගත හොත් පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය පවතින තුරා අප විසින් කණින උමගේ දෙ කෙළවර අතර යානය නො නිමි සරල අනුවර්තී චලිතයක යෙදෙමින් පවතිනු ඇති.
මේ ආකාරයෙන් ම ලෝක ගෝලයේ ඕනෑ ප්‍රතිවිරුද්ධ A,B ලක්ෂ්‍ය දෙකක් අතර පෘථිවිය හරහා ගමන් කිරීමට ගත වන කාලය නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ නියමය ඇසුරින් ලබාගත් පහත සමීකරණය ඔස්සේ ගණනය කළ හැකියි.
එලෙස එක් කෙළවරකට යෑමට පමණක් ගත වන කාලය ආසන්න වශයෙන් විනාඩි 45ක් වන අතර නැවත ආරම්භක ස්ථානයට ම අපට පැමිණීමට ගත වන කාලය පැය එක හමාරක්. අගයේ යම් කිසි සුවිශේෂී බවක් තිබෙනවා. එනම් පහළ පෘථිවි කක්ෂයේ පෘථිවිය වටා කක්ෂගත වූ චන්ද්‍රිකාවක පෘථිවිය වටා එක් වටයක් සම්පූර්ණ කිරීමට ද ගත වන කාලාවර්තය ආසන්න වශයෙන් පැය එක හමාරක්.
පෘථිවියේ හරියට ම මා සිටින ස්ථානයට ප්රතිවිරුද්ධව පිහිටි ස්ථානයට ළඟා වීමට මෙන් වෙනත් ඕනෑ ම ස්ථානයක් කරා ද භූගතව උමගක් සකසා පෙර ආකාරයෙන් ම යානයක් මඟින් කිසිදු කෘත්‍රිම ශක්තියක් එන්ජිමක් භාවිත නො කර, පෘථිවියේ ගුරුත්වාකර්ෂණ බලය පමණක් යොදාගෙන සරල අනුවර්තීය චලිතයක් ඔස්සේ ගමන් කිරීමේ හැකියාව මට තිබෙනවා. ඒ සඳහා මා කැණීම සිදු කළ යුත්තේ පෙර පරිදි මෙන් සෘජු ව පහළට නො ව මට අවශ්‍ය ස්ථානය කරා යොමු වන පරිදි ආනතවයි. මෙහි දී මාගේ යානය ගමන් කළ යුත්තේ පෙරට වඩා අඩු දුරක්.
එමෙන් ම මෙහි දී යානයේ සරල අනුවර්තීය චලිතයට බලපාන්නේ ද සෘජු ව පෘථිවි කේන්ද්‍රයට යොමු නො වූ ගුරුත්වාකර්ෂණ බලයෙහි සංරචකයක්. ඒත් මෙම සරල අනුවර්තීය චලිතය සඳහා ද ගත වන කාලය පෘථිවි හරය හරහා ඍජු ව ගමන් කරන විට දී ගත වන කාලයට ම සමානයි. අපට යානයේ චලිතයට නිව්ටන්ගේ දෙවැනි නියමය යෙදීමෙන් එය ගණිතමය වශයෙන් පෙන්විය හැකියි. බැලූ බැල්මට ම ඔබට පෙනෙනවා ඇති පෘථිවිය හරහා ලක්ෂ්‍ය දෙකක් අතර ගමන් කිරීමට ගත වන කාලය ලබා දෙන ප්රකාශනයෙහි අන්තර්ගත වන්නේ නියත පද පමණක් බව. මෙලෙස වස්තුවක් පෘථිවිය හරහා සරල අනුවර්තී චලිතය ඔස්සේ චලනය වීමේ දී ආවර්ත කාලය නියත ව පවතින බවත්, ගමන් කළ යුතු දුරට අනුකූල ව යානයේ උපරිම වේගය වෙනස් වන බවත් නිගමනය කළ හැකියි.
හොඳයි පෘථිවිය මැද්දෙන් කෙරුණු මගේ කාල්පනික ගමන මෙතැනින් අවසන් වෙනවා. පෘථිවිය හරහා අනෙක් පසට උමඟකින් යෑමේ මෙම අදහස බොහෝ ඈත අතීතයේ පටන් ෆැන්ටසි සහ විද්‍යා ප්‍රබන්ධ ලෝකයේ මිනිසුන්ගේ සිත්සතන් පින වූ අදහසක්. කෙසේ නමුත් පොළෝ ගර්භය පිළිබඳ අපගේ නූතන විද්‍යාත්මක දැනුම අනුව දැනට පවතින ඉංජිනේරු තාක්ෂණික ක්‍රමවේද මඟින් මෙය අත්පත් කරගත නොහැක්කක්. ඊට ප්‍රායෝගික වශයෙන් බාධා කීපයක් ම පවතිනවා. අධික උෂ්ණත්වය හා පීඩනය යටතේ අප දන්නා මූලද්‍රව්‍ය මඟින් සකසන කැණීම් තුඩු භාවිතයට ගත නො හැකි වීම, සන්නිවේදනය සහ මාර්ගෝපදේශනය අපහසු වීම, බලශක්තිය සපයා ගැනීමේ අපහසුතාව වැනි තවත් බොහෝ කාරණා මිනිසාට පොළොව කැණිය හැකි ගැඹුර සීමා කරන ප්‍රායෝගික අපහසුතා වෙනවා. දැනට මිනිසුන් සහ විසින් කණින ලද ගැඹුරු ම ස්ථානය වන රුසියාවේ Kola superdeep borehole (12,226 m) ද 1992 දී නවතා දමනු ලැබුවේ උෂ්ණත්වය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ වීම නිසා සහ ප්‍රතිපාදන නොමැති වීම වැනි කාරණා නිසයි. මෙවැනි අභියෝග ජයගෙන පෘථිවි කබොල විද එහි අභ්‍යන්තරයේ පිපුරුම් දාමයක් සිදු කර පෘථිවි හරයේ ලාවා චලිතය මන්දගාමී වීම නැවත නිවැරදි කරන්නට දරන උත්සාහයක් ගැන 2003 දී තිරගත වූ The Core නම් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයේ කියවෙනවා. එලෙස වර්තමානයේ අදහාගත නොහැකි ඉංජිනේරු වික්‍රමයන් මානව වර්ගයාගේ අනාගතයේ දී සිදු කරන්නට ඇති ඉඩ ද සියයට සියයක් බැහැර කළ නොහැකියි. එවන් තාක්ෂණයක් බිහි වී මෙලෙස පෘථිවිය හරහා අතිවිශාල උමං කැණ ප්‍රවාහනය කිරීමට දිනෙක හැකි වුව හොත් එය ප්‍රවාහන ක්ෂේත්රයේ විප්ලවයක් වනු ඇති. එහෙත් ගැටලුව ඇත්තේ එවැනි යුගයක අප පෘථිවියේ ප්‍රවාහනය ගැන තවදුරටත් සිත කරදර කර ගනු ඇත් ද යන්නයි.